Svart Krabba (Black Crab) 2022
පසුගිය මාර්තු 18 වන දා සිට නෙට්ෆිල්ක්ස් ආයතනයෙන් මුදාහැරි මේ චිත්‍රපටය ස්වීඩන් චිත්‍රපටයකි. බ්ලැක් ක්‍රැබ් (කළු කකුළුවන්) යනු යුද්ධ කිරීමට මරාගෙන මැරෙන්නට පවා හැකි සොල්දාදුවන් කණ්ඩායමකි. ඔවුන් එක් එක් සේනාංක වලින් එකතු කරගත් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. වසර කීපයක් තිස්සේ ඇදෙන යුද්ධය අවසන් කිරීමට එක් කඳවුරක සිට තවත් කඳවුරකට පැකේජයක් අරන් යන්න ඕනේ වෙනවා. ඒක අරන් යන්න වෙන්නේ අයිස් වලින් වැසී ගිය මුහුදක් මැදිනි. වාහනයක යන්න තරම් අයිස් තට්ටුව ඝණ නැති නිසාත් බෝට්ටුවක යන්න තරම් අයිස් තට්ටුව තුනී නැති නිසාත් පැකේජය අරන් යන්න වෙන්නේ අයිස් තට්ටුව මත ලිස්සා යාමෙනි.. යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් යන හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ත්‍රාසජනක සිදුවීම් ගණනාවකටම මුහුණ දෙන්න සිදුවෙනවා.
Noomi Rapace, Aliette Opheim, Dar Salim, Jakob Oftebro, Ardalan Esmaili, David Dencik රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Adam Berg විසිනි. ත්‍රාසජනක ක්‍රියාදාම ඝනයට අයත් මේ චිත්‍රපටය සඳහා මේ වනවිට IMDb 5.6 ක අගයක් හා Rotten Tomatos 46%ක අගයක් ලැබී ඇත.


0 Comments