ඉතින් අද මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නේ මිස් මාවල් එකේ දෙවෙනි එපිසෝඩ් එක . මේක නම් කරලා තියෙන්නේ “Crushed” කියලා. මං හිතන්නේ ඒක එහෙම නම් කරලා තියෙන්නේ මේ එපිසෝඩ් එකේ කමාලා ප්‍රශ්නවලින් යට වෙන නිසා වෙන්න ඇති.

පසුගිය කොටසින්

ඉතින් කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ කමාලා මිස් මාවල් බවට පත් වෙන හැටි. ඒවගේම ඒක අපට එයාගේ ජීවිතයට, ගතානුගතික දෙමාපියන්ට, මාවල් රසිකත්වයට වගේම එයාගේ යාළුවා වන බෲනෝට හොඳ හඳුන්වාදීමක් ලබා දුන්නා. අපි හැමෝම දැක්ක විදියට කමාලාට බලය ලැබෙන විදිය කොමික් වලට හුඟක්ම සමානයි. වෙනසකට තියෙන්නේ ටෙරාජීන් මීදුම වෙනුවට මේ සීරීස් එකේදී එයාගේ ඇතුළේ තියෙන බලය නිදහස් කරන්නේ එයාගේ පවුලට අයිති බෑන්ගල් එකකින් වීමයි. ඒක නිසා මේ බලය එයාගේ පවුලෙන් පාරම්පරිකව පැවත එන බලයක් විදියට පෙන්නනවා; හරියට කොමික්වල වගේම. මොකද කිව්වොත් එයාට මේ බලය ලැබෙන්නේ එයාගේ ඇතුළට තියෙන Inhuman ජාන නිසා (මේ ගැන විස්තරයක් මම කලින් ලිපියෙදී කරලා ඇති). ඒවගේම කමාලාට බලය ලැබුණට පස්සේ එයා මුලින්ම බේරගන්නේ සෝයි සිමර්ස්. කොමික්වලදිත් මේක මෙහෙම්මයි, එකම වෙනස වුණේ මෙයා සෝයිව බේරගන්නේ එයා මත් වෙලා ගඟට වැටුණට පස්සේ වීමයි. ඉතින් පළවෙනි එපිසෝඩ් එක බොහෝ දුරට කොමික්වලට අනුරූප ලෙස සලකන්න පුළුවන්. කොහොම වුණත් කමාලාගේ iconic මිස් මාවල් ඇඳුම නම් තාම පෙන්නුවේ නෑ. ඒක ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා.

Post-Credit Scene එක

මාවල් එක තමන්ගේ හැම ෆිල්ම් එකකම වගේම බොහෝ කතා මාලාවත් post credit සීන් එකක් දාන එක එයාලගේ සිරිතක්නේ. මූන් නයිට් එකේත් අන්තිම එපිසෝඩ් එකේ අපි දැක්කා post credit සීන් එකකින් Jake Lockley ව හඳුන්වලා දෙනවා. ඔයාලට ඒක මඟ හැරුණා නම්, Ms. Marvel සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකෙත් post-credit සීන් එකක් තිබුණා.

Post-credit සීන් එකේ සිද්ධ වුණු දේ හරියටම තේරුම් ගන්න නම් අපට යන්න වෙනවා Spider-Man: No Way Home එකට. ඒකෙදී ඔයාලට මතක ඇති ක්ලියරි (Cleary) කියලා හාදයෙක්ව හඳුන්වලා දුන්නා. අර පොලීසියේදී පීටර්ගෙනුයි, MJගෙනුයි, නෙඩ්ගෙනුයි, ‘මේ’ නැන්දගෙනුයි ප්‍රශ්න කළේ? මතක නැද්ද?

මෙන්න මේ හාදයා? දැන් මතක් වුණාද?

ඉතින් මෙන්න මෙයාට වෙනත් නිලධාරියෙක් කමාලා ඇවෙන්ජර්කොන් එකේදී කරපු වැඩේ පටිගත කරපු දර්ශන පෙන්වනවා. ඊටපස්සේ මෙයා ඒක දිහා බලාගෙන ඉඳලා කියනවා. “ඔව්, එයාව අරගෙන එන්න” කියලා. ඒක නිසා මේ කතාවා ඉදිරියේදී කමාලාට පොලිස් ගැටලුවලටත් මුහුණ දෙන්න වෙන බවක් තමා පෙන්නේ. දෙවෙනි එපිසෝඩ් එකේදී ඒක බලාගන්න පුළුවන්.

එහෙනම් කලින් එපිසෝඩ් එක ගැන කියන්න තියෙන්නේ එච්චරයි. මම අද එපිසෝඩ් එක ගැන එච්චර දේවල් කියන්න යන්නේ නෑ. ඔයාලා බලලම හොයාගන්නකෝ. එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. සුබ දවසක. පීස් ✌️