ඩයිනසෝර්ලා කියන්නේ මිට වසර මිලියන 240 කට විතර එහා යුගයක මිහිතලය මත රජ කරපු දැවැන්තම ජීවින් කොටස.. තවමත් හරියටම හොයාගන්න බැරිවෙච්ච යම් හේතුවක් නිසා ඒ උරග දැවන්තයින්ට මිහිමතින් සමුගන්න වුණා. මොවුන් ජිවත් උනේ ට්‍රයෑසික් යුගයේ අග භාගයේ ඉඳලා (වසර මිලියන 230 කට පමණ පෙර) ක්‍රිටේසියස් යුග‍යේ අග භාගය අතර (වසර මිලියන 65 කට ප්‍රථම) කාල පරාසයේ. දැනට වෙසෙන ජීවින්ගෙන් ඩයිනසෝර්ලට ලඟම නෑයෝ වෙන්නේ කිඹුලා සහ පක්ෂීන් කියලයි සත්ව විද්‍යාඥයො කියන්නේ. තේරෝපොඩ් ඩයිනෝසෝරසයන් මගින් පක්ෂීන් ඇතිවුනා කියල ඔවුන් යම් සාධක හොයාගෙන තියෙනව.ඉතිං කතාව ඇරඹුණේ 1912 දී ඊජිප්තුවෙන්, ඒ දැවැන්ත ඩයිනොසෝරයෙකුගේ ශේෂයන් සොයා ගැණුනායින් පසුවයි. පිට මතින් මීටර දෙකක් දික්ව වැඩුණු කොඳු ඇට සහිත විලෝපිකයෙක් 2005 වසරේදී සම්පූර්ණ උඩු ඇන්දක් හමු වූ විට පමණයි අපට හැකි වුණේ මේ විස්මයාකාර ජීවියා නිසි අයුරින් ප්‍රතිනිර්මාණය කරන්නට. මීටර දෙකක් තරම් දිගැති හිස්කබලක් තිබූ මේ ඩයිනොසෝරයා මහා යෝධයෙක්. මීටර 17ක් නාසයේ සිට වලිගයට. ටී-රෙක්ස්’ට වඩා මීටර 4ක් දිගයි. ඉතිං එදා මෙදාතුර  මිහිතලයේ වෙසුන දැවැන්තම ජීවියා වෙන ස්පයිනොසෝරස් මීටර 17ක් පමණ වෙනව. මිහිතලය මතපය එසවූ විශාලතම මාරයා වන මොහු ටොන් 21ක දැවැන්ත යෝධයෙක්. මතකද ජුරාසික් වර්ල්ඩ් 2015 සිනමාපටයේදි ජල තටාකයක හිටිය කිඹුලෙක් වගේ දැවැන්තයා. ඒ තමා  මොසාසෝරස්ලා ඒ යුගයේ හිටිය මීටර් 15 විතර දිග  ජලජ දැවැන්තයෙක්. ටොන් 14ක් විතර බරයි. අපි ජුරාසික් පාක් එකේදී දැක්ක තදයා කෘර T-Rex කෙනෙක් එයා මේකෙත් ඉන්නවා ඒ ඉන්නෙත් තදයා විදියටම තමා. ඒ වගේම ජුරාසික් වර්ල්ඩ් එකේ ඔවන්ගේ හුරතලී “බ්ලු” කියන්නේ රෙප්ටර් කෙනෙක්. ජුරාසික් පාක් එකේදී නියම දුෂ්ටයා උනේ මෙන්න මේ රෙප්ටර්ස්ලා ඒත් ජුරාසික් වර්ල්ඩ් එකේදී චරිතය වෙනස් වුණා. සිනමා නිර්මාණවල අපිට දැකගන්න පුළුවන් උන සෝරස්ලා ටික මං කියන්නම් උනන්දු කට්ටිය ඒ ගැන හොයල බලන්න. 


Apatosaurus, Pachycephalosaurus, Gallimimus, Parasaurolophus, Stegosaurus, Triceratops, Ankylosaurus, Velociraptor, Dimorphodon, Pteranodon, Mosasaurus, Dilophosaurus (හොලෝග්‍රෑම් ආකාරයට) Indominus Rex හෝ Giganotosaurus වර්ගයේ කෙනෙක්, T-Rex, Spinosaurus (ඇට සැකිල්ල), Baryonyx (වෙබ් සයිට් එකේ), Edmontosaurus (වෙබ් සයිට් එකේ), Metriacanthosaurus (වෙබ් සයිට් එකේ), Microceratus (වෙබ් සයිට් එකේ), Suchomimus (වෙබ් සයිට් එකේ), Baryonyx, Edmontosaurus, Metriacanthosaurus, Microceratus, සහ Suchomimus, නමුත් මේ අතරින් Dimorphodon, pteranodon, mosasaurus කට්ටිය ඩයිනසෝර්ලා ඝණයට වැටෙන්නේ නෑ. මේ වචන ගූගල් කලාම ඉතිං ඕන විස්තරයක් හොයාගන්න හැකියි. ඒ වගේම අපේ උදා සහෝ හරි අපුරු කතාමාලාවක් දුන්නා Planet Dinosaur කියලා. උනන්දු ඇත්තෝ එව්වා නරඹත්වා. මං දන්නවා වැඩි දෙනෙක්ට එව්වා ගානක් නෑ කියල. ඒකමයි වැඩි විස්තරයක් නොලියා ඕන අය හොයාගෙන බලන්නෙයි කියන්නෙත්. 


ඉතිං මේ පොසිල හමුවුණාට පස්සේ මිනිස්සුන්ට පුදුමාකාර කුතුහලයක් ඇතිවෙනවා මේ දැවැන්ත ජීවින් ගැන. මේ ජිවින්ගේ පොසිල අප්‍රිකාවෙන් යුරෝපයෙන්, ආසියාවෙන් විතරක් නෙමේ ඇන්ටාක්ටිකාවෙන් පවා හොයාගෙන තියෙනව. නිකම් නෙමේ ශාක භාක්ෂකයින්ගේ. ඉතිං හිතාගන්න මේ දැවැන්තයින් වසර මිලියන ගානකට කලින් මුළු ලෝකේ පුරාම විසිරිලා විහිදිලා ඉඳල තියෙන විදිය ගැන. ඒ වගේම සමහරු හිතනවා මේ ඩයිනසෝර්ල තමා පොසිල ඉන්ධන විදියට ලැබෙන්නේ කියලත් නෑ නෑ පොසිල ඉන්ධන කියන්නේ මුලික වශයෙන් මැරිච්ච ගස්, ගල් අඟුරු කියන්නෙත් ගස් ස්භාවික ගෑස්වල ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ ජලජ ඇල්ගී වලින්. ඒවා දැවන්තයින්ටත් පෙර කාලයකදී පොලවට යටවුණ එව්වා. නිකමට ඒ ටික කිව්වේ ඉතිං. 


ඉතිං කලින් කිව්වා වගේ 19 වැනි ශත වර්ෂයේ අවසානය වෙනකොට මිනිස්සු මාර උනන්දුයි මේ දැවැන්ත ජීවින් ගැන. ඉතිං ඒ දේවල් උනේ මේ දැවැන්තයින් ගැන සත්‍ය විස්තර අඩංගු කතා ජනතාව අතරට පත්වීමත් එක්ක. ඒ දේට මුලික උනේ  Michael Crichton කියන ලේඛකයා. අපි කවුරුත් දන්න ජුරාසික් පාක් එක මෙන්න මෙයාගේ හිතේ මැවුන සංකල්පයක්. ඉතිං මෙයා 1990 දි ලියනවා Jurassic Park කියල පොතක්. ඉතිං ස්පිල්බර්ග් 1993 දි ඒ කෘතිය ඇසුරින් මිහිමතින් වඳවෙලා ගිය දැවන්තයින්ව පුළුල් තිරයට අරගෙන එනවා ජුරාසික් පාක් නමින්ම. ඒ ආගමනය ලෝකයක් මුසපත් කරනවා. ඊට පස්සේ   The Lost World: Jurassic Park (1997) සහ  Jurassic Park III (2001) නමින් දැවැන්ත සිනමා නිර්මාණ තුනක් අපිට අරගෙන එනවා. ඒ ආගමනය එතනින් නවතින්නේ  නෑ. 2015 දි නැවතත් ජුරාසික් උද්‍යානය එලි දකිනවා ඒ  අති සාර්ථක Jurassic World (2015)නමින්. එහි දෙවැන්න මේ අවසරේදී එලි දකිනවා. ඒ Jurassic World: Fallen Kingdom (2018) නමින්. බලන්න මුල් ෆිල්ම් තුනේ නම් තුනෙයි අලුත් ෆිල්ම් තුනේ නම් දෙකයි සමානකම. (Jurassic Park 1993 සහ Jurassic World 2015 / The Lost World: Jurassic Park 1997 සහ Jurassic World: Fallen Kingdom 2018 ) ඔව් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ පිළිවෙල අනුව Jurassic World III කියල එකක් එන්න ඕනා. ඔව් එනවා 2021 දි ජුරාසික් පාක්හි දිගුව ජුරාසික් වර්ල්ඩ් III නිකුත් වෙනවා. පළමු සිනමා නිර්මාණයේ නිමැවුම්කරුවා, ස්ටීවන් ස්පිල්බර්ග් මෙහි විධායක නිෂ්පාදනයෙන් දායක වෙනව. ඉතිං මේක රි-මේක් එකක් නෙමේ, මුල් කතාවේම දිගුවක්. ජුරාසික් පාක් එක විනාශ උනාට පස්සේ තමා ආරක්ෂිතව ජුරාසික් වර්ල්ඩ් එක පටන් ගන්නේ. ඒ අවුරුදු 20කට පස්සේ. ගිය සැරේ දකින්න ඇතිනේ ආරක්ෂාවට මොකෝ උනේ කියල. ඉතිං මෙදා සැරේ කතාව වෙන්නේ  ඒ දේ වෙලා අවුරුදු හතරකට පස්සේ ජුරාසික් ලෝකයෙ ඉතුරු වෙලා ඉන්න සත්තු ටික ආරක්ෂිතව බේරගන්න එක. ජුරාසික් පාක් එකේ හිටිය විද්‍යාඥයෙකුත් මේකේ නැවත කල එලි බහිනව  දැකගන්න ලැබෙයි. [ඩොක්ටර් හෙන්රි වූ]. හරියටම කිව්වොත් ජුරාසික් පාක් 1993 ෆිල්ම් එකේ මුල් පැය බාගය ඇතුලේ අනාගතේදී වෙයි කියල කතාවෙන දේ තමයි මේ වෙන්නේ 


ඇයි ඩයිනෝලව බේරගන්න වෙන්නේ ? මේ දුපතේ තියෙනව ගිනි කන්දක්, දැන් ඒක සක්‍රිය වෙන්න අරගෙන තියෙන්නේ. ඉතිං ඒ යමහල විදාරණය උනොත් දැනට මේ ලෝකේ ඉතුරු වෙලා ඉන්න හැම ඩයිනසෝරයෙක්ම විනාශ වෙලා යනවා ආයේ.මෙදා සැරේ ක්ලෙයාර් සමග ඔවන් ග්‍රේඩි දෙන්න ඉදිරිපත් වෙනවා මේ දැවැන්තයින් වෙනුවෙන්. හැබැයි මෙදා සැරේ ඔබ මේ දැවැන්තයින්ගේ සිනමා නිර්මාණය බලන්න හරිබරි ගැහිලා වාඩි වෙන්නේ සාම්ප්‍රධායිකව මිනිහෙක් පස්සේ ඩයිනසෝර්ලා එලවනවා බලන්න නම්, නොසෑහෙන්න කලකිරේවි. මෙදා සැරේ සංවේදී බවකින් මේක බලන්න හරිබරි ගැහෙන්න. මිනිසා වෙනුවෙන් ඩයිනෝසරයින්ට එරෙහිව ඩයිනොසරයින් ඒ වගේම ඩයිනෝසරයින් වෙනුවෙන් මිනිසාට එරෙහිව මිනිසා සටන් වදිනවා දැකගන්න ලැබේවි ඔයාලට. කතාව පුරාවටම එක් ශක්තිමත් කාරනාවක් කියනවා. ඒ කාරනාව පෘථිවිය ඇරඹි දවසෙ ඉඳලා මේ වෙනකම් ඉතිහාසය පුරාවටම සත්‍යයක් බව ඔප්පු උන දෙයක්. එක යුගයක මිහිමත රජකරපු මේ දැවැන්තයින් මිනිසාගේ ආගමනයට ඉඩ දීලා තුරන්වෙලා යනවා. ඊට පස්සේ මනුසතා තමන්ගේ සුපිරිතම ආයුධය වෙන පරිනාමයෙන් ලැබුන දියුණු මොලය භාවිතා කරලා මිහිමත වෙසෙන ප්‍රබලයා බවට පත්වෙනවා. ඒත් ඊට පස්සේ මිනිසා සොබාදහම ඉක්මවා යනවා. ඉතිං ඔබට අන්තිමේදී දකින්න ලැබේවි අප්‍රිකානු සිංහයෙකුට අභියෝග කරන ටි-රෙක්ස් කෙනෙක්.. ඒ තමා යුග දෙකක ප්‍රබලන්ගේ මුහුව සමග මතුවන ගැටුමක ඇරඹුම. ඊළඟට සමීරගේ වචන වලින් ඔන්න මේකේ ආදායම ගැන කියන්නම්.


හොඳයි එහෙනම් මෙහෙම ලොකු සත්තු තිරයෙන් එලියට එනකොට ඒ එක්කම ගලාගෙන එන තවත් එක දෙයක් තියනවා ඒ තමයි ආදායම, මෙහෙම සත්තු නිර්මාණය වෙන්න නම් එහෙම ආදායමකුත් තියෙන්න ඕන… අපි කලින් ලොකු හප්පෝ එක්ක එහෙම අදායමක් දැක්ක එකේ පොඩ්ඩක් මේ වතාවේ ලොකු හප්පෝ කඩාගෙන ගිය වාර්තා බලමු… ඇමරිකා එක්සත් ජනපදය තුල මේ සතියේ නිකුත් වුන චිත්‍රපට අතරින් වැඩිම අදායමක් ආරම්භක සතියේ උපයා ගන්න මේ සලරුව සමත් වුනා ඒ ඩොලර් මිලියන 145 හැටියට, මේ මිලියන 145 ඇතුලේ තියන විශේෂත්වය වෙන්නේ මින් 56% අදායම ගලා ඇවිත් තියෙන්නේ වයස අවුරුදු 25 අඩු ප්‍රේක්ෂක ජනතාවගෙන්… මේ තමයි යුනිවර්සල් ස්ටුඩියෝ ඉතිහාසයේ හොඳම ආරම්භක සතියක් හිමි සිනමා නිර්මාණ අතර දෙවැන්න මෙය දෙවැනි වන්නේ 2015 පැමිණි මුල් චිත්‍රපටයට පමණයි, ඉතින් කාවද මේ වතාවේ පහුකර ගියේ වැඩිය හිතන්න එපා බොහොම වේගයෙන් යන කාර් ටිකක් තමයි තලාගෙන පහුකරගෙන ගියේ ඒ තමයි F 7.. තවත් ටිකක් අභ්‍යන්තර වාර්තා එහෙම බලනවා නම් ඇමරිකාව තුල විකාශය ආරම්භ වෙලා දවස් 3 ක් ඇතුලත මේ නිර්මාණය “ඩයිනෝසෝරයින්” පිලිබඳ නිර්මාණය වුන සිනමා නිර්මාණ අදායම් ලේඛනයේ 6 වැනි ස්ථානයට ඇවිත් තියනවා… එතනින් ගියාම ඇමරිකාව තුල පහුගිය දවස් 365 ඇතුලත නිකුත් වුන නිර්මාණ අතර ආදායම් ලේඛනයේ 17 වැනි ස්ථානයත්… ලොව පුරා තිරගත කිරීම් වල 26 වැනි ස්ථානයත් (ඒ මිලියන 298 + හැටියට) හිමිකරගෙන තියනවා… මුදල් පැත්ත එහෙම වෙනකොට මේ නිර්මාණය තවත් අපූරු වාර්තාවකට හිමිකම් කියන්නත් සමත් වෙනවා ඒ එදා මෙදා තුල PG 13 සහතිකය ලබාගත් නිර්මාණයක් තිරගත වුන වැඩිම සිනමා ශාලා ගන්නේ වාර්තාව… මේ වෙනුවෙන් සිනමා ශාලා 4475 ක ලොව පුරා මේ නිර්මාණය තිරගත වීම ආරම්භ වෙලා තියනවා… කොටින්ම මේ ලගදි ආව වැඩිය ප්‍රසිද්ධ නොවුන Avengers Infinity War නිර්මාණය පවා නිකුත් වුනේ සිනමා ශාලා 4474 වෙනුවෙන් පමණයි…ඉතින් මොකද මේ තවමත් ඩොලර් බිලියනයක් පසුකර යන්නට බැරි වුනේ ? මොකක් හරි කතාවේ වරදක් ද? මේකට උත්තර නම් ටිකක් සංකිර්ණයි… දන්නවද දන්නේ නැහැ මේ වෙනකොට ලෝක ජනගහනයෙන් සෑහෙන පිරිසක් නරඹන කුසලානයක් පැවැත්වෙන බව, ඔන්න ඔය කරණය නිසා හොලිවුඩය මේ ටිකේ බොහොම අමුතු හැටියට තමයි වැඩ කරන්නේ… ඉතින් මේ අමුත්තා වෙනුවෙන් අපි මේ කතා කරන සලරුව සමාදම් වුනේ ඇමරිකාව තුල තිරගත වීම ආරම්භ කිරීමට මත්තෙන් ලොව පුරා තිරගත කිරීම සිද්ධ කරලා, නරකම නැහැ ඉතින් එතනින් දැනට මිලියන 560 + වගේ මුදලක් උපාය ගන්නත් සමත් වෙලා තියනවා… විශේෂයෙන්ම චීනයෙන් ලැබුන මිලියන 200 ත් මේ මොහොතේ අමතක කරන්නම බැහැ…. ඒ දේවල් එක්ක මේ අවුරුද්දේ ආව ෆිල්ම් වලින් ලොව පුරා වැඩිම අදායම් අතර 3 ස්ථානය දිනාගන්නවා මේ වෙනකොට. හොඳ කොපියක් එන කාලෙකදී බිලියනය පන්නාවි. 


ඒ වගේම මේ කතාවේ නිල හිමිකරුවා හසන්ත අයියා, ඒත් ඉතිං මේක 2015දි මුලින්ම බාරගෙන තිබ්බේ මං ඒ කාලේ යෙදුන වැඩක් නිසා මට සබ් එක කරන්න බැරිවුනා ඉතිං ඒ විදියට මගෙන් ගිලිහුන කතාව අන්තිමේදි ඉතිං උරුමක්කාරයටම ලැබුනා, ( දුන්න කිව්වට සැහෙන්න අමාරු උනා ගන්න  ඒ වගේම එකට වෙච්ච හානියත් සුළුපටු නෑ  ) කොහොම නමුත් කඩයිම වෙනුවෙන් මේක ලබාදීම වෙනුවෙන් බොහොම ස්තුතියි හසෝ. ඒ වගේම නලින් අයියා සුපුරුදු පරිදි ගිනි ගින්දර වගේ පික් එකක් හදල දුන්නා ඒකටත් බොහොම ස්තුතියි. මෙවර කතාව ජුරාසික් වර්ල්ඩ්හි අධ්‍යක්ෂකවරය Colin Trevorrow සහ Derek Connolly විසින්.. ඉතිං පළමු නිර්මාණයේ සිංහල උපසිරසි කරුවා වගේම අධ්‍යක්ෂකවරයාත් මෙවර මාරු වෙනවා. මෙවර අධ්‍යක්ෂණයෙන් J.A. Bayona එකතු වෙනවා. ඒ විතරක් නෙමේ මං  දකින ආකාරයට උඩහ කීව කරුණු අනුව මේ පිරිස සමත් වෙනවා සාර්ථකව මෙහි තෙවැන්නට පාර කපන්නත්. ඉතිං එහෙමනම් මෙවරත් imdb 6.7 ක අගයක් ලබාගෙන ආදායම් අතින් සාර්ථකව ලොව පුරා තවමත් තිරගතවන මේ ලොකු හප්පන්ගේ වික්‍රමය ඔබට බාරයි.


 


“ The planet has survived everything
in its time
It will certainly survive us ”


~ Michael Crichton – Jurassic Park ~