ඉතිං මේ හමුවන්නේ Boss Baby දෙවැනි කතාවෙන්. පලමු කතාවේදී ටිම් කියන පුංචි කොලුගැටයට මල්ලි කෙනෙක් ලැබෙනවා. එයාගේ නම වුනේ ටෙඩ්. ඉතිං කොහොමහරි මේ ටෙඩ් බබා එසේමෙසේ බබෙක් නෙමෙයි කියලා ටිම්ට අහුවෙනවා. ඒ බබෙක් වුනු ටෙඩ් Baby Corp කියන බබාලා විසින් මෙහෙයවන රහස් සංවිධානයක සාමාජිකයෙක් බව ටිම්ට දැනගන්න ලැබෙනවා. ඉතිං ඒ කතාවේ එයාලට බබාලා සම්බන්ධව ලෝකේ බේරගන්න මෙහෙයුමක් එක්ක තමයි කතාව ගලාගෙන ගිහින් අවසන් වුනේ.

මෙදාපාර දෙවැනි කතාවෙදී නම් ටිම් සහ ටෙඩ් දෙන්නා පොඩි ළමයි නම් නෙමෙයි. ටිම් කියන්නේ පොඩි දුවලා දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒ වගේම ටෙඩ් කියන්නේ ව්‍යාපාරික ලෝකේ හිනි පෙත්තටම නැගපු තමුන්ගේ පවුලේ අය එක්කවත් කාලය ගත කරන්න වෙලාවක් නැති කාර්යබහුල කෙනෙක්. ඉතිං ටිම් ගෙදර ඉඳන් පුංචි දුවලා දෙන්නා බලාගන්න අතරේ ටිම්ගේ නෝනා තමයි ගෙදර සල්ලි හම්බකරන්නේ. ටිම් තමුන්ගේ දූලා දෙන්නට හරිම ආදරෙයි. ඒ වගේම තමයි ටිම්ට තාමත් පුංචි ළමයින්ගේ වගේම නිර්මාණාත්මක පරිකල්පනයක් තියෙනවා. ඒ නිසා එයාට ළමයි බලාගන්න එක හරිම විනෝද වැඩක්.

මේ අතරේ තමයි කතාව ආරම්භ වෙන්නේ. මෙදා පාරත් එයාලට ලෝකේ බේරගන්න විදියේ මෙහෙයුමකට සම්බන්ධ වෙන්න වෙනවා. මෙදාපාර හැබැයි බලු පැටවුන් ගෙන් නම් නෙමෙයි. මේ ලෝකේ බේරගන්න මෙහෙයුමට ටිම් වගේම කලින් වගේ ඩෙට්ට සමබන්ධ වෙන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම Baby Corp වලින් තමයි කල්තියාම ලෝකේට අනතුරක් වෙන්න තියන තර්ජනය කල්තියාම හඳුනගෙන මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ.

ඉතිං මේ විදියට ආරම්භ වෙන කතාව කොයි විදියට අවසන් වෙයිද කියලා දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මෙදා පාර කාගෙන්ද ලෝකේ බේරගන්න වෙන්නේ? මොන වගේ තර්ජනයකටද ලෝකේ මුහුණ දෙන්නේ? කියන ප්‍රශ්ණ වලටත් කතාව බලට ඔයාලට පිලිතුරු ලැබෙයි.