කට්ටියකට හොඳ උන, කට්ටියකට මෙලෝ රහක් නැති උන, කට්ටියකට පාඩුවේ රසවිඳින්න පුලුවන් උන. කට්ටියකට ජරාම ෆිල්ම් එකක් උන, කට්ටියකට ලස්සන නිර්මාණයක් උන ඩොක්ටර් ස්ට්රේන්ජ් ගේ බහුවිද විශ්ව පිස්සුවේ…… හෝව් හෝව්… බහුවිද විශ්ව පිස්සුව… හපූ… මොකටද හැම එකකටම සිංහලෙන්ම තේරුම් දෙන්න යන්නෙ. කෙලින්ම මේක මල්ටිවර්ස් එකේ පිස්සුවක් කියල කියමු. බහුවිද විශ්ව වගේද මල්ටිවර්ස් වචනෙ ඇහෙද්දි 🤭

මේක ඉතින් MCU එකේ ෆිල්ම් එකක්නෙ. ඉතින් සුපුරුදු විදියට MCU එකේ කලින් සිදුවීම් කීපයක්ම සම්බන්ද වෙනවා මේ ෆිල්ම් එකට. ඉතින් ඒව බලල ඉන්න වෙනවා මේක බලන්න කලින්. (ඇත්තටම හතරවෙනි අදියරේදි Moon Knight විතරයි පොඩි හරි MCU සම්බන්දයක් නොපෙන්නපු නිර්මාණය) හරි හරි ආය කතාවට යමුකො.

මුලින්ම කියන්න ඕන පහුගිය ටිකේ ලිව්ව ලිපි වලට පත දිග ලිපි ලිව්වට ඔන්න මේකට එහෙම ලිපියක් ලියන් නැ ඉතින්. ඒ වගේම ෆිල්ම් එක ගැන කියන්න යන්නෙත් නෑ හොඳේ. ඩිස්නි ප්ලස් එක පටන් ගත්තට පස්සෙ MCU එක ස්ට්රීම් සර්විස් හරහා TV සීරිස් වලටත් දික් උනා කියල ඔයාල දන්නවනෙ. මොකද ඉතින් ⁣දැන් විකාශය වෙන MS Marvel දක්වා MCU සීරිස් ගොඩක් ආවනෙ. මෙි සේරගෙන්ම පලවෙනිම MCU සීරිස් එක තමයි ගිය අවුරුද්දෙ ජනවාරි ආව Wanda-Vision සීරිස් එක. සීරිස් එකේ කතාව කෙටියෙන්ම කිව්වොත්, තානෝස් අතින් විශන් මැරුණ නිසා මානසිකව වැටෙන වොන්ඩා සම්පූර්ණ ගම්මානයක්ම වටකරල වෙනමම රියලටියක් හදාගන්නව. ඒකෙ එයාගෙ පවර්ස් වලින් විශන් වගේම තමන්ටම කියල ලමයි දෙන්නෙකුත් මවාගෙන ගමේ මිනිස්සුන්ට වෙනමම චරිත ලබාදීල ජීවිතයක් ගතකරන්න යනවා. ඉතින් මේ වොන්ඩගේ උමතුවත් එක්ක ස්වෝඩ් ආයතනය වගේම අගතා කියන මායාකාරිය එක්ක ගතකරන්න වෙන සිදුවීම් එක්ක අවසානෙදි වොන්ඩා විසින් ස්කාර්ලට් විච් විදියට බලගැන්වුනු හැටි වගේම අඳරු මායාවන් තියෙන ඩාක්හෝල්ඩ් පොත වොන්ඩට හම්බුන හැටි දැකගන්න ලැබුනා. සීරිස් එක අවසානෙදි මවපු රියලටිය අයින් කරපු නිසා මවපු විශන් වගේම මවපු ලමයි දෙන්නත් වොන්ඩට අහිමි වෙනවා.

මේ සීරිස් එක වැදගත් උනේ වොන්ඩා සම්පූර්ණම ස්කාර්ලට් විච් විදියට පරිවර්තනය උන නිසා. ඒ වගේම මේ සීරිස් එකේ ෆිනාලේ එපියේ ක්රෙඩිට් සීන් එක තමා වැදගත්ම දේ. ඒකට අනුව වොන්ඩා ඩාක්හෝල්ඩ් එක යූස් කරලා මල්ටිවර්ස් එක ඇතුලේ එයාගේ ලමයි ඇත්තටම ජීවත් වෙන යුනිවර්ස් හොයන හැටි දැකගන්න ලැබුනා. ⁣හැබැයි එතන පට්ටම දේ තමා ඒ වෙලාවෙ ප්ලේ උන මියුසික් එක. වෙන මෙකෙක්වත් නෙවෙයි ඒ ප්ලේ උනේ Doctor Strange මූවි එකේ අයිකනික මියුසික් එක. ඉතින් ඩිරෙක්ටම ඉඟි කරා සීරිස් එකේ කතාව Doctor Strange දෙවෙනි ෆිල්ම් එකෙන් කන්ටිනියු වෙනවා කියල. 😍

හරි. ආයෙම එමු ඩොකා ගාවට. පලවෙනි ෆිල්ම් එකේදි ඔයාල දැක්කනේ ස්ටීවන් ස්ට්රේන්ජ් මායාකාරයෙක් වෙච්චි හැටි. ඒ වගේම තෝර් රැග්නරොක් එකේදි දැක්කා එයා ඒන්ෂන්ට් වන් ගෙන් හිස් වෙච්ච සෝසරස් සුප්රීම් තනතුර අරගෙන කියල. හැබැයි එයාට ස්නැප් එක නිසා අවුරුදු පහක් නැති උන නිසා වොන්ග් ට සෝසරස් සුප්රීම් තනතුර ගිහින් තිබුනා. අපිට ඒක නෝ වේ හෝම් ෆිල්ම් එකෙන් අහන් ලැබුනා. ඉතින් මේ වෙදිදි එයා සාමාන්ය මායාකරායක් උනත් දැනුමින් වගේම අතු්දැකීම් වලින් ඉදිරියට යන ගමන් ඉන්නේ. ටයිම් ස්ටෝන් එක නැති උනත් එයාගෙ වැඩකිඩ වලනම් අඩුවක් නැහැ 🤭

ඉතින් මේ දෙන්නගෙ ගමන් මාර්ගෙ එකට එකතු වෙන අවස්තාව තමයි මේ බලන්න ලැබුනේ. හැබැයි ඒ හමුවනම් පොඩිඩක්වත් සුන්දර හමුවක්නම් නෙවෙයි. මල්ටිවර්ස් එකට යනකල්ම ඒකෙ ප්රතිඵල විඳගන්න වෙනවා.

ස්කොට් ඩෙරික්සන්. ස්කොට් තමයි පලවෙනි ඩොක් ස්ට්රේන්ජ් ෆිල්ම් එක ඩිරෙක්ට් කරේ. ඒ වගේම එයාම තමයි දෙවෙනි එකත් ඩිරෙක්ට් කරන්න හිටියේ. හැබැයි එයා මාර්වල් ස්ටූඩියෝව එක්ක ෆිල්ම් එකේ නිර්මාණාත්මක වෙනස්කම් ගැන එකඟතාවකට එන්න බැරි උන නිසා ඩිරෙක්ට් කරන එකෙන් අයින් වෙලා ෆිල්ම් එකේ නිශ්පාදකයෙක් විදියට විතරක් ඉන්න තීරණය කරා. ඉතින් ස්කොට්ගෙන් හිස්වුනු පුටුවට තෝරගත්තේ කවුරුත් ආදරේ කරන චිත්රපට පෙලක ඩිරෙක්ට කෙනෙක්. ඒ Spider-Man ඩිරෙක්ටර් සෑම් රයිමි. Spider-Man 3 වල අසාර්තකත්වය නිසා කොමික් බේස්ඩ් ෆිල්ම් වලින් අයින් වෙලා හිටිය සෑම් පවා පුදුම වෙලා තිබුනා කෙවින් ෆයිගි එයාව තෝරගත්තා කියල ආරංචි උනාම. දෙවෙනි ෆිල්ම් එක හොරර් ටයිප් එකට යන ෆිල්ම් එකක් කියල මුල ඉඳන්ම කිව්ව නිසා හොරර් ෆිල්ම් ඩිරෙක්ට් කරපු සෑම් හොඳම තේරීම උනා කියල ගොඩක් අය තහවුරු කරා.

එතනින් එහා කතා ඔයාල දන්න නිසා ඒවා ස්කිප් කරල අපි එමු මේ කතාවේ අගට. ගොඩක් අය මේ ෆිල්ම් එක බලල බලාපොරොත්තු කඩ වෙලා තිබුන. මේකට ලොකුම හේතුව ෆිල්ම් එකේ ප්ලොට් එකටත් වඩා බලපෑවෙ Spider-Man: No Way Home ෆිල්ම් එක. ඇයි එහෙම කියන්නෙ. NWH තමයි මෑත කාලයේ රූමර්ස් -ඒ කියන්නෙ කටකතා වගේ- දැවැන්ත විදියට ඇත්ත උන ෆිල්ම් එක. ඒ ෆිල්ම් එක ආදායම් අතින් සාර්තක වෙන්න පවා මේ රූමර්ස් වගේම ඒවා ඇත්ත වීම බලපෑවා. පරණ ස්පයිඩිලා දෙන්නගේ ආගමනයම මේ ෆිල්ම් එක දැවැන්ත ආදායමක් ලඟා කරගන්න සමත් උනා.. ඉතින් මෙන්න මේ නිසා MOM ෆිල්ම් එකටත් මුල ඉඳන් රූමර්ස් එන්න පටන් ගත්තා. කලින් පාර ඇත්ත උන නිසා මේ පාරත් බහුතරයක් රූමර්ස් ගැන රසිකයන් බලාපොරොත්තු තියන් හිටියා. ස්පෙෂලි ටෝබිගේ ස්පයිඩිගේ ආගමනය, ඩොක්ගේ සහ වොන්ඩගේ වේරියන්ට් ගණනාවක් අතර සටන්, එන්ඩ්ගේම් මට්ටමේ ෆයිනල් බැට්ල් එකක්, ගෝස්ට් රයිඩර්ගේ ආගමනය වගේ රූමර්ස් ගණනාවක් ඇත්ත බව රසිකයෝ බලාපොරොත්තු තියන් හිටිය. ඉතින් අන්න ඒ නිසා රූමර්ස් කියන්නේ රූමර්ස් බව අමතක උන රසිකයෝ තමයි වැඩිපුරම බලාපොරොත්තු කඩකර ගත්⁣තේ