ජුමන්ජි….ජුමන්ජි ගැන කවුද නොදන්නේ? 1995 දී ආව පළවෙනි චිත්‍රපටිය, ඩෙක් පීස් වලින් ෆිල්ම් බලන කාලේ ආව අලුත්ම තාක්ෂණයක් වෙච්ච VCD තැටියකින්, මගේම කියල පරිගණකයක් අරගෙන තිබ්බ කාලෙ මුලින්ම බලපු චිත්‍රපට ගොන්නෙන් එක චිත්‍රපටියක්. ඒ කාලෙ ඉතින් ඒ චිත්‍රපටිය හොඳින්ම රස වින්ඳා. මේ ළඟදි ඒ මතකය ආපහු අලුත් වෙන්න එක හේතුවක් වුණේ ඒ චිත්‍රපටියේ ඇලන් පැරිෂ් කියන ප්‍රධාන චරිතයකට පෙනී උන්න රොබින් විලියම්ස් ගේ හදිසි මරණය. අනික් හේතුව වුණේ මේ කියන ජුමන්ජි දෙවන චිත්‍රපටිය. හැබැයි කියන්න ඕනා මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න මගේ බලාපොරොත්තුවක් නම් ඇත්තටම තිබ්බෙ නැති තරම්. ඒකට මඟ පෑදුණේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ රසික රසිකාවින් නිසාමයි.
2017 දෙසැම්බර් දෙවෙනිදා ඉඳන් 20 වෙනිදා වෙනකම් බයිස්කෝප් අඩවියෙන් තිබ්බ ඡන්ද විමසීමේන් මේ චිත්‍රපටියට මට භාර වුණේ ඔබගේ ඡන්දයෙන්. ඒ වගේම ඒක 50% ටත් එහා ගිය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ලැබුණ ජයක්. සිරාවටම මට නම් නිකමටවත් හිතුන් නෑ මට මෙහෙම ඡන්ද ප්‍රමාණයක් වැටෙයි කියලා. 50-100 වගේ කඩ ඉමක් පහු කළා වගේ හැඟීමක් තමා මට ඇත්තටම මේ ගැන දැනුණේ. ඉතින් මේ වගේ විශ්වාසයක් පල කරපු ඔබ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන ගමන් මතක සටහනක් විදියට ඡන්ද ප්‍රතිඵල සටහනත් මේකටම අමුණන්නම්.
(හැබැයි මින් පස්සෙ කිසිම ඡන්ද විමසීමකට මගේ නම ඇතුළත් නොකර ඉන්න තරම් ඡන්ද ප්‍රතිඵලය හේතුවක් වුණා. )
හරි දැන් කතාව වෙතට. පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවනේ ජුමන්ජි ගැන. වැරදිලාවත් ජුමන්ජි සෙල්ලම කරන්න පෙළඹුණොත් මුලින්ම වෙන්නෙ සෙල්ලම ඇතුළේ සජීවීව සෙල්ලම් කරන්න, තමුන්ව සෙල්ලමට ඇදිල යන එකයි. ඒකෙන් බේරිලා ආපහු පියවි ලෝකෙට එන්න නම් සෙල්ලම ඉවර කරන්නම වෙනවා. වෙන කිසිම විදියක් නෑ සෙල්ලම නවත්වන්න. මෙදා පාරත් වෙන්නෙ ඒකමයි. හැබැයි කලින් වගේ පුවරුවක් නෙවෙයි මෙදාපාර තියෙන්නෙ. වීඩියෝ ගේම් එකක්.
කවුරුත් වගේ අඳූණන Dwayne Johnson ගේ රංගනයෙන් හැඩ ගැන්වුණ චිත්‍රපටියට IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.2 වගේ අගයකුත්, Rotten Tomatoes වල 76% වගේ ඉහළ අගයන් වලට යන්න හැකියාව ලැබුණා. ඉතින් තවත් කියන්න යන්නෙ නෑ. හැමෝම බාගෙන බලන්න. හිනාවෙවී බලන්න පුළුවන්



0 Comments