අධ්‍යක්ශනය
==========
Michael Bay
Ian Bryce
නිශ්පාදනය
==========
Michael Bay
Ian Bryce
David Ellison
Dana Goldberg
Don Granger
රචනය
======
Paul Wernick
Rhett Reese
රංගනය
=======
Ryan Reynolds
Adria Arjona
Ben Hardy
Mélanie Laurent
Manuel Garcia-Rulfo
Dave Franco
Corey Hawkins
චරිත
=====
1 = බිලියන පතියෙක්, මහජන හිතෛශයෙක්.
2 = ඔත්තුකාරියක්.
3 = කුලී මිනීමරුවෙක්.
4 = parkour (පාකෝ(ර්) ක්‍රීඩකයෙක්, හොරෙක්.
5 = වෛද්‍යවරියක්.
6 = රියදුරෙක්
7 = සිව්වන පරම්පරාවේ සොල්දාදුවෙක්, ස්නයිපර් වරයෙක්.
ඔන්න ඉහත ඉන්න කෙනා අධ්‍යක්ශනය කරලා ගති චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා. දෙවනුව නිශ්පාදනයට දායක වුනු පිරිස නිසා අපිට මේ චිත්‍රපටය දකින්න හැකියාව ලැබිලා තියෙනවා. ගලාගෙන ඉදිරියට යෑමේ ලොකු ප්‍රවනතාවක් එක්ක කතාව රචනා කල පිරිස තමයි තෙවනුව සඳහන් කරන්නට යෙදුනේ. රංගනය වෙනුවෙන් දායකත්වය ලබාදෙන අති දක්ශ නලු නිලි පිරිසත්, ඒකත් එක්කම පහතින් ඒ රංගනයෙන් පණ පෙවෙන චරිත පෙල වගේම ඒ ඒ චරිත වලට ඇති දක්ශතාවන් සඳහන් කරලා තියෙනවා.
6 Underground චිත්‍රපටය පාදක වෙන කතාවට මුල පුරන්නේ නමක් සඳහන් නොකරන පුද්ගලයෙක්. සිව් වසරක් තිස්සේ මැද පෙරදිග ක්‍රෑර පාලනයක් පැවතිනු ටර්ගිස්තාන් නැමැති රටේ නායකයා විසින් අමානුශික ලෙස මහජනතාව සංහාරයට ලක්වනවා. ඒ මොහුගේ පාලනයට අකමැතිව රටෙන් පිටවී සරණාගතයින් ලෙස කඳවුරු වල ජීවත් වන ජනතාව මොහුගේ රසායනික අවි ප්‍රහාර වලට ලක්ව මරණයට පත් වනවා. රහසිගත කඳවුරු වල පවා ජීවත් වන ජනතාව මේ සංහාරමූලික ප්‍රහාර වලට ගොදුරු වනවා. මේ සිදුවීම සිව් වසරක් තිස්සේ බලා සිටි නිර්නාමික කතා නායකයා විසින් තම ජීවිතය පිලිබඳ දැඩි තීරණයක් ගනු ලබනවා. ඒ තමුන් මරණයට පත්විය යුතු බවයි.
ඔහු ජීවත් වන කාලය තුලදී neodymium නම් චුම්බක වර්ගයක් නිර්මාණය කරනවා. මොහු එහි පේටන්ට් බලපත්‍රය පවා ලබාගන්නවා. මෙයින් බිලියනපතියෙක් වන ඔහු මිනිසුන්ට එයින් උදව් කිරීමට පුරුදුව සිටි අයෙක්. නමුත් මිනිසුන්ට ලොව පුරා සිදුවන අමානුශික ක්‍රියා ගැන ඔහුට ලොකු අවධානයක් ඇති වෙනවා. මේ වෙනුවෙන් ක්‍රියා කරන්නට හැදුවත් භූගෝලීය දේශපාලනයේ ඇති ආර්ථික, බල අරගල වැනි සාධක නිසා කිසිඳු රටක් මේ රටේ සිදුවන අසාධාරනයන්ට මැදිහත් වීමට යන්නේ නෑ. නමුත් තමුන්ගේ මරණයට මුලපිරූ සිතිවිල්ල වූයේ එවැනි රටවලට තමුන්ගේම බලයෙන් සාධාරණයක් ඉටු කිරීමයි. මරණයට පත්වන ඔහු ජීවිතය නැති කරගන්නේ නැත. මොහු මොහුගේම මරණය පිලිබඳව ලෝකයා රැවටීමක් සිදු කරන්නේ මරණයට පත්වී අවතාරයක් ලෙස ලෝකය වෙනුවෙන් යහපතක් සිදු කරන්නටයි. මොහුත් සමගම මොහුගේ දැක්ම බෙදා ගන්නා තවත් පස් දෙනෙකු මොහුත් සමග එකතු වනවා. මේ 6 දෙනා විසින් ටර්ගිස්තානයේ බලය ප්‍රජාතන්ත්‍ර හිතෛශී වත්මන් ජනපතිගේ බාල සහෝදරයා හට බලය ලබා දීමට මෙහෙයුම ආරම්භ කරනවා.


0 Comments