මිනියන් – යම් කෙනෙක්ට ගැතිකම් කරන කෙනා තමා මිනියන් කියන නමින් හඳුන්වන්නේ, ප්‍රභල ස්වාමියෙක් නැතුව ජිවත් වෙන්න අමාරුයි මෙයාලට පරපෝෂිතයෝ වගේ ප්‍රබල ස්වාමියා මත තමයි මෙයාල යැපෙන්නේ, මෙයාලගේ පැවැත්ම රඳවාගන්නේ, හරියට වහල්ලු වගේ 😛 ඉතින් පෘථිවියේ ජිවය ආරම්භවෙච්ච ඒක සෛලික ජීවියාගේ කාලෙම තමා මේ මිනියන් ඒක සෛලිකයත් බිහිවෙන්නේ, ඒ මිනිසා පරිණාමනය වෙන්න බොහෝ කාලයක පෙර මෙයාල බිහිවෙන්නේ, එහෙම ජලයේ බිහිවෙන මේ ඒක සෛලික ජීවියා තව ප්‍රභල ඒක සෛලික ජීවියෙක් තමන්ගේ ස්වාමියා කරගෙන පටන්ගත්තු ගමන, ගොඩබිමට ආපු පලවෙනි උභය-ජීවියාගේ පටන් ඩයිනොසරයාගෙන් පරිනාමය වන මිනිසා වෙතටද පාරාවෝවරුන් වෙතටද එතනින් වැම්පර්ය වරුන් වෙතටද, හිමෙහි වෙසෙනා යෙටි නම් අභිරහස් යෝධ සත්වයා වෙතටද මාරුවන ස්වාමිත්වය එතනින් අවසන් වෙනවා. ඒ මෙයාලගේ තියන දක්ෂතාවය නිසාමයි, කොච්චර ලෙහෙසියෙන් අලුත් ලොක්කෙක් හොයාගත්තත් ඒ ලොක්කට වැඩිකල් ජිවත් වෙන්නෙ ලැබෙන්නෙ නැහැ, දන්නවනෙ මෙයාලගේ වැඩ, ඉක්මනටම තමන්ගේ ලොක්කව පරලෝසැපත් කරවන වැඩක් කවුරුහරි කරනවමයි, ඉතින් දැන් මෙයාලට ස්වාමියෙක් නෑ, මොනදේ තිබ්බ එයාලට ස්වාමියෙක් නැතුව වැඩක් වෙන්නේ නැහැ, ඉතින් තමන්ගේ වර්ගයා රැකගැනීමට කෙවින්, ස්ටුවර්ට් සහ බොබ් කියන මිනියන්ල තිදෙනා ඉදිරිපත් වෙනවා, ඒ අලුත් ස්වාමියෙක් හොයාගෙන පිටත ලෝකයට යන්න, මේ වෙද්දී 1960 දශකය, ඇමරිකාවේ ජනාධිපති රිචර්ඩ් නික්සන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන කාලේ, මේ තුන්දෙනා අමෙරිකාවට එනවා, එහෙම ආපු ගමන නවතින්නේ එංගලන්තේ රජවෙලා, මෙහෙම කිවුවට බෑ ඔයාලම බලන්න කොහොමද ඒක සිද්දවෙන්නේ කියල, හරිම අපුරු පැය එකහමාරක් ගෙවිල යාවි, එහෙමනම් හැමෝටම ජයවේවා!

අමතර කරුණු :-

  • Pierre Coffin මිනියන්ල 900කට පමණ හඬ දායකත්වය දීල තියනව මේ සිනමාපටයේදී, පෙර සිනමාපටවල මිනියන්ලට හඬ ලබාදෙන්නෙත් ඔහුමයි.
  • ඒ විදියට මිනියන්ල කතා කරන භාශාව ඉංග්‍රීසි, ස්පාඥ්ඥ, ප්‍රංශ, ඉතාලි, පෘතුග්‍රිසි, හීබෘ භාශාවන්ගේ කලවමක්.
  • මේ සිනමාපටයේදී මිනියන්ලා එංගලන්ත රැජිනගේ ඔටුන්න හොරකම් කරනවා, ඒ හොරකම් කරන ඔටුන්න තම මේකේ පලවෙනි සිනමපටයේදී ගෘ හඳ හොරකම් කරන්න සල්ලි නැතුව ඉන්නකොට විකුනල සල්ලි ගන්න කියල දෙන්නේ.
  • Despicable Me 2010 සිදුවීම වෙන්න වසර 48කට පෙර තමයි මේ සිනමාපටයේ සිද්දවෙන සිදුවීම වෙන්නේ.
  • කෙවින්, ස්ටුවර්ට්, බොබ් කියන තුන්දෙනා විලන්-කෝන් කියල ප්‍රදර්ශනයකට යනව, ඒක පදනම් කරගෙන තියෙන්නේ කොමික්-කෝන් කියන ප්‍රසිද්ද සංදර්ශනය.
  • කොමික්-කෝන්හී ප්‍රධාන සංදර්ශන පවත්වන H ශාලාවේදීම තමා මෙහි එන විලන්-කෝන් ප්‍රදාන සංදර්ශනය පවත්වන්නෙ.
  • Sandra Bullock පළවෙනි වතාවට දුෂ්ඨ චරිතයක් සඳහා හඬ දෙනවා. 
  • මේ සිනමාපටය Despicable Me සිනමාපට වල පිට පැනුමක් උනත් (Spin off) මේ සිනමාපටය තුන් ඈදුනු සිනමාපට පෙළක් වෙනවා.
  • 2017 වසරේදී Despicable Me 3 සිනමාපටය නිකුත් වීමට නියමිතයි.