ඔන්න එහෙනම් මේ කතාමාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආව. මේ වෙනකොට මේ කොටසට IMDb දර්ශකේ 8.4 අගයක් ලැබිල තියෙනවා සහ මේක නිකුත් වූයේ මැයි 27 වෙනිදා Netflix හරහා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
ඔයාලට කලින් කොටසෙන් දැකගන්න පුළුවන් වුණානේ එල්ට ඒ ස්කෝලෙ වැඩිය යාලුවො නෑ. ඉන්න අයගෙනුත් කරදර. ඒත් එයා මයික්ට නම් කියන්නේ යලුවො ගොඩක් ඉන්නවා සහ හරිම විනෝදෙන් ඉන්නෙ කියලා. ඒ වගේම ස්කෝලෙ සිසුවෙක් අමුතු විදිහට මැරෙනවා එතන ලග ඉන්නෙ එඩී. ඉතින් එඩී බය වෙලා පැනල දුවනවා.
මේ කොටසෙදි සිදුවන්නේ මයික් එනවා හෝකින්ස් වලට. එල් එයාව පිලිගන්න විශේශ දවසක් සැලසුම් කරනවා රින්කො මේනියා එකේ. එතෙන්ට ඇන්ජලාත් එනවා. දන්නවනේ කලින් කොටසෙදි වුණ සිද්දිය නිසා ඇන්ජලා තවත් තරහින් ඉන්නේ එල් එක්ක. ඉතින් එල් සැලසුම් කරපු විදිහට එයාලගෙ දවස සතුටුදායක විදිහට ගෙවෙයිද? තවද එඩී අර සිද්ධියෙන් පස්සෙ පාලු තැනකට ගිහින් හැංගෙනවා. මේ මිනීමැරුම පසුපස කුමක්ද තියෙන්නෙ කියල දැනගන්න හැමෝම කුතුහලෙන් ඉන්නේ. ගොසක් අය කියනවා මේක එඩීගෙ වැඩක් කියලා තවත් අය කියනවා දාමඝාතක පිස්සෙක්ගෙ වැඩක් කියලා. ඒ වගේම ඩස්ටින්, මැක්ස්, ස්ටීව් ඇතුලු පිරිස සැකකරනවා මේක ශාපයක් කියලා. වැක්නාගේ ශාපය.


0 Comments