මේ සීසන් එක නම් එසේ මෙසේ සීසන් එකක් නෙවෙයි. දන්නවද එක කොටසක් හදන්න කීයක් වියදම් වෙලාද කියලා? ඇමරිකන් ඩොලර් මිලියන 30 ක්! සම්පූර්ණ කතා මාලාවටම මිලියන 240+ පිරිවැයක්. මොකද මේකේ 80 ගණන්වල දේවල් යලි නිර්මාණය කරන්න වගේම විශුවල් ඉෆෙක්ට්ස්වලටත් ලොකු වියදමක් යනවා. හොලිවුඩයේ මෑත කාලයේ සමහර චිත්‍රපටවලටවත් මේ තරම් වියදමක් දරලා නැහැ. ඉතිං කොලිටි එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ.
ඒ වගේම මේ සීසන් එකේ තුන්වෙනි කොටස ඇරෙන්න අනිත් හැම කොටසකම ධාවන කාලය විනාඩි 70 ට වඩා වැඩියි. අවසන් කොටස වෙන නවවෙනි කොටස පැය දෙක හමාරකට වැඩි රන් ටයිම් එකකින් සමන්විත වෙනවා.
කතා මාලාවේ නිර්මාතෲවරුන් වෙන ඩෆර් බ්‍රදර්ස්ලා මීට මාස කිහිපයකට කලින් නිල වශයෙන් ප්‍රකාශ කළා Stranger Things කොටස් දාසයකින් සීසන් පහකින් අවසන් වෙනවා කියලා. ඒ වගේම මේ හතර වෙනි සීසන් එකෙන් තමයි කතා මාලාවේ අවසන් අදියරට පදනම දැමෙන්නේ.

(කතා මාලාව අවසන් වෙන බවට ඩෆර් බ්‍රදර්ස්ලා නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කළ ලියුම)
කලින් සීසන් තුනේම කොටස් ඔක්කොම එකම දවසෙ නෙට්ෆ්ලික්ස්ලා රිලීස් කළත් මේ සීසන් එක නිකුත් වෙන්නේ Vol. 1 සහ Vol. 2 කියල කොටස් දෙකකට. කොටස් හතකින් සමන්විත පළවෙනි Vol එක මැයි 27 රිලීස් වුනා. කොටස් දෙකකින් සමන්විත වෙන Vol. 2 රිලීස් වෙන්නේ ජූලි මාසෙ පළවෙනිදා. ඉතිං කොටස් හතක් බලල ඉතුරු ටික බලන්න ඔන්න මාසයක් ඉන්න වෙනවා.
හරි එහෙනම්, කලින් සීසන් එක ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු. තුන්වෙනි සීසන් එකේ සිදුවීම් වෙන්නේ 1985 සමර් එකේ. මේ කාලෙදි හෝකින්ස්වල ස්ටාකෝට් කියල දැවැන්ත සුඛෝපභෝගී වෙලඳසැලක් ආරම්ඹ වෙලා. මේ අතරතුර රුසියාවෙ ආයෙත් වතාවක් හෝකින්ස්වල අප්සයිඩ් ඩවුන් එකට දොරටුවක් විවෘත කරනවා. මේ නිසා මයින්ඩ්ෆ්ලෙයර් මතුපිට ලෝකයට ඇවිල්ල ලොකු කලබගෑනියක් කරනව ඔයාලට මතක ඇතිනේ. ඉතිං මයින්ඩ්ෆ්ලෙයර් නවත්තන්න ගන්න උත්සහය අතරතුර එල්ගේ බලයන් නැති වෙනවා. ගොඩක් කල් හතුරෙක් විදිහට හිටපු මැක්ස්ගේ සහෝදරයා බිල් වීරයෙක් වගේ මිය යනවා. රුසියන් කාරයින් නවත්තන්න ගන්න උත්සහය නිසා ජිම් හොපරුත් ජීවිතයෙන් සමුගන්නවා (?) ඉතිං මේ හැමදෙයකටම පස්සේ ජොයිස්, විල්, එල් සහ ජොනතන් හෝකින්ස්වලින් යන්න යනවා. ඔය විදිහට තමා සීසන් 3 ඉවර වුනේ.
හතර වෙනි සීසන් එකේ සිදුවීම් වෙන්නේ 1986 වසන්ත නිවාඩුව අතර තුර.
මේ සීසන් එකේදි තවත් වැදගත් චරිතයක් හඳුන්වා දෙනව. ඒ තමා ප්‍රධානම විලන් කෙනෙක් වෙන වෙක්නා. වෙක්නා ගැන තොරතුරු ඉදිරියේදී බලාගන්න ලැබේවි.



0 Comments