කෘඩ්ස් පවුල ගැන මතක ඇතිනේ කට්ටියට ? කෘඩ්ස් පවුල ඇවිල්ලා ගුහාවාසීන්. ඔවුන් ජීවත් වුනේ බොහොම පොඩි ඉඩ කඩක් තුල ඔවුන්ගේ මතයට අනුව අලුත් සියල්ල භයානකයි. ඔවුන්ගේ කිව්වට පවුලේ මූලිකය තමා ඉතින් එහෙම හිතුවේ. ඒ තමයි ග්‍රග් (නිකොලස් කේජ්), අපි හැමෝම බලපු “ගිරිපුර ඇත්තෝ” කාටූන් එකේ “බොරළුගොඩ” වගේමයි. වැඩක් පටන් ගත්තොත් ඇදගෙන නානව. එයාගේ බිරිඳ උග්ගා (කැතරින් කීනර්). මිනිහටත් නැන්දම්ම ග්‍රෑන් (ක්ලෝරිස් ලීච්මන්) සෑහෙන ප්‍රශ්නයක්. ඊප් (එමා ස්ටෝන්) නම් හැම වෙලාවෙම වික්‍රමයන් පස්සෙ ලුහුබඳින්නියක්. නමුත් ඉතින් ලේසි නැහැ නොව ගල් යුගයේ වුනත් පවුලේ ඉහලම තැන එක්ක හැප්පෙන එක. මේ කෙල්ල දවසක් රෑ ජාමෙක පායල තියෙන ඉරක් දකිනව. ඉරක් කිව්වට ඇය රැවටෙන්නෙ ගින්දරට. මොකද එළිය විහිදුවන දෙයකට ඇය දැනගෙන උන්නෙ ඉර විතරයි. එතන ඉදල ඇය අමුතු සත්වයෙක් ඇදින ගන්නව නමින් ඔහු ගයි (රයන් රෙනෝල්ඩ්). මොවුනට වඩා පරිණාමයෙන් ඉහළින් ඉන්න ඉලන්දාරියෙක්. කෙල්ලට ගින්දර ගැන එහෙම කියල දෙනව. නමුත් මිනිහ ඒ එක්කම ලෝක විනාශයක් ගැන කතාවක් කියනව. ඉතින් ඒ රැයෙන් පස්සෙ මෙහෙම ගෙවන ගුහා ජීවිතය අවසාන වෙන්නෙ ගුහාව විශාල ගලක් පෙරලීම හේතුවෙන් විනාශ විම එක්ක. ගයිගේ කතාව සනාත කරමින්.ඒ ලෝක විනාශයේ පෙර ලකුණක්. ඔන්න මේ පවුල ගමන් ආරම්භ කරන්න හදන්නෙ, හදනව කිව්වට යන්නම වෙනව. ඊට පස්සෙ අමුතු සතුන් මැදින්, අමුතු පරිසර පද්ධතීන් අතරින් ඊප්ගෙ සහෝදරයා තන්ක් (ක්ලාක් ඩියුක්) සහ නැගණිය සැන්ඩි (කයිලි ක්‍රෝෆර්ඩ්) යන අයගෙන් සැදුම්ලත් මේ ගුහා පවුල, හෙට දිනය සොයා ආලෝකය දෙසට ඇවිද යන ගයිගේ එකතු වීමත් සමග අලුත් වෙනව. ඉතිං ඔවුන්ගේ වන සවාරිය ගැන මතකය අලුත් වෙන්නයි මේ ටික කිව්වේ මම.
මේ තමයි මෙහි අධ්‍යක්ෂක ජොයෙල් ක්‍රෝෆර්ඩ් අධ්‍යක්ෂණය කරපු පළමු සිනමාපටය. අධ්‍යක්ෂණයේ ආධුනිකත්වයක් නොපෙන්වමින් මේ සිනමාපටය පළමු කෘඩ්ස් සිනමාපටය වගේම IMDB 7.1ක ඉහල අගයක් ලබාගන්නව. ඒ විතරක් නෙමෙයි, කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා සීමිත සිනමා ශාලාවන් ප්‍රමාණයක ප්‍රදර්ශනය වෙමින්, වසංගත තත්වය යටතේ මේ වසරේ ප්‍රදර්ශනය වෙච්ච සිනමාපටයන්හි ඉහලම ආරම්භක බොක්ස් ඔෆිස් ආදායමත් වාර්ථා කරමින්, ඩොලර් මිලියන 75ක් උපයාගන්න සමත් වුණ මෙම සිනමාපටය කොහොම හරි තමන්ගේ නිෂ්පාදන වියදම වෙච්ච, ඩොලර් මිලියන 65 ආවරණය කරගන්න සමත් වුණා. ඊට අමතරව මේ වෙනකොට මේ සිනමාපටය ස්ට්‍රිමින් සර්විස් වෙත නිකුත් කරමින් තමන්ගේ ලාභය අත්කරගනිමින් ඉන්නවා. ඇත්තටම ඩ්‍රීම්වර්ක්ස් ඇනිමේෂන්ලා තමන්ගේ සිනමාපටයක දෙවැන්නක් නිකුත් කිරීමට වැඩිම කාලයක් අරගෙන තියෙන සිනමාපටය මේක. මෙහි පළමු සිනමාපටය නිකුත් වෙන්නෙ 2013 වසරේ, ඉන් අනතුරුව 2016 වසරේ දෙවැන්න නිෂ්පාදනය කරන්න පටන් ගන්න සැලසුම් කරගෙන හිටියත් එක එක ප්‍රශ්න නිසා වැඩේ කල් යනවා. ඒ කල් යාම එක අතකින් සිනමාපටයට අවාසනාව ගෙන ආව. මොකද ලෝක ව්‍යාප්ත වසංගත කාලයක තමයි දෙවැන්න නිකුත් කරන්න සැලසුම් සකස් කෙරුනේ.
ඉතිං මේ සිනමාපටයෙන් අපේ කෘඩ්ස් පවුලට අලුත් පවුලක් මුණගැහෙනව. ඒ තමයි බෙටර්මන් පවුල. මිස්ටර් .ෆිල් බෙටර්මන් (පීටර් ඩින්ක්ලේජ්) මිසිස්. හෝප් බෙටර්මන් (ලෙස්ලි මෑන්) සහ ඔවුන් දෙදෙනාගේ දියණිය ඩෝන් බෙටර්මන් (කෙලී මාරි ට්රාන්) තිදෙනාගෙන් තමයි අලුත් පවුල සැදුම්ලන්නේ. මොවුන් නියෝජනය කරන්නෙ ජලය. මොකද මොවුන් ජලාශ්‍රිත පිරිසක්. මොවුන්ව වර්ණ ගන්වා තියෙන්නෙත් ජලයේ පැහැය වෙන නීල වර්ණයෙන්. ඔවුන් වඩාත් ලං වෙන්නෙ වර්තමාන මිනිසාට. නමෙන් පවා කියවෙන්නේ වඩා හොඳ මිනිසා කියන තේරුම, බෙටර්-මෑන්. කෘඩ්ස්ල නියෝජනය කරන්නෙ ගින්දර සහ අතීත ගුහා වාසීන්ව. ජලයයි ගින්දරයි ගැටෙනකොට වෙන්නෙ මොනවද කියල කියන්න ඕන නැහැනේ. පලවෙනි එකේ වගේම මේකෙත් අමුතු අමුතු දෙමුහුන් සත්තු ගොඩක් ඉන්නවා. මම නම් ආසම පන්ච් මන්කිලට, එයාලගේ බාශාව එහෙම බලන්නකෝ, හෙහ් හේ. පළමු සිනමාපටය වගේම මේකත් සිනහ සාගරයක්.


0 Comments