වසරක ලබාගත් වැඩිම ආදායම් වර්තාවට හිමිකම් කිවෙද මේ බයිස්කොප්පය තමයි. Avatar ඇවිත් මේ තබපු වාර්තා ඔක්කොම බිඳ දැමුවා, හැබැයි එතෙක් ලෝකෙ සෑහෙන්න කතාබහට ලක් වුන චිත්‍රපටියක් මේක. ලිපියක් ලියන්න කියල මම මේක පතුරු යනකන් බැලුවා.
නමින් Dark Knight, ප්‍රධාන චරිතෙ Batman. ප්‍රධාන හතුරා Joker. සිනමා ලෝකෙ පළවෙනි වතාවට වෙන්න ඕනා කතාවෙ වීරයා Batman ට වඩා කතාවේ හතුරාගෙ චරිතය වන Joker චරිතය ඉස්මතු වුනේ. බැට් මෑන්ට මෙහිදි පණපොවන්නෙ කවුරුත් දන්න Christian Bale වන අතරම, චරිතාංගකරණය තම මුලික විෂය කරගත් Heath Ledger විසින් Joker ට පණදෙයි. මෙය IMDB අගය 8.9 ක් ලබාගනිමින් ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 8 වැනි ස්ථානයේ පසුවෙනවා මේ වෙනකොට. තවද, ලොකයෙ හොඳම බැංකු මංකොල්ලය රැගත් චිත්‍රපටිය ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්. ඒකනම් බැලිය යුතුම දර්ශනයක්. මොකද බැංකුව මංකොල්ලකා සල්ලි මළු පටව ගැනිමෙන් පසුව Joker විසින් ඔහුගෙ අත්උදව්කරුවන් සියල්ලට වෙඩි තියයි. හැම විටම තනියෙන් කටයුතු කරන නිසාම Joker ව ඇල්ලිම බැට්මෑන්ට සැමවිටම අභියෝගයක් වුනා.
නමුත් මතක තබාගන්න, අපි දැකල තියෙන අනික් වීරයො වගේ බැට්මෑන් ට සුපිරි බලයන් නැහැ, ඔහු තම හැකියාවෙන් වැඩ දෙන වීරයෙක්. ක්‍රියාදාම ජවනිකා වල අඩුවක් නැති The Dark Knight, නියමකාර නිර්මාණයක්.
වැදගත් යමක් කියන්න තියෙනවා, ජෝකර් ගේ චරිතට පණපොවන අතරතුර Heath Ledger හදිස්සියේ මිය ගියා. ඒ ඔහුට ලබා දුන් ඖෂධයක් අධික ලෙස ශරීරගත වීම නිසා. මිය ගියාට පසුව The Dark Knight හි Joker චරිතය වෙනුවෙන් ඔහුට හොදම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමි වුනා.


0 Comments