මේ චිත්‍රපටයේ වැඩ ආරම්භ කලේ 2020 වසරෙදි. ගොඩක් රූගත කිරීම් කරලා තියෙන්නේ ඩොමිනිකානු ජනරජයේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Adam Nee සහ Aaron Nee එහෙමත් නැත්තම් හැමෝම දන්න විදියට Nee සහෝදරයෝ තමයි. මේ වෙද්දි යහපත් රසික ප්‍රතිචාර ලබාගනිමින් The Lost City චිත්‍රපටය IMDb හි 6.4ක සුපිරි අගයකුත්, කුණු තක්කාලි අගය 78%ක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 68ක වියදමිකින් ඩොලර් මිලියන 163.8ක ආදායමක් ලබාගන්නත් මෙයට හැකි වෙලා තියෙනවා. සුපිරි නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. Speed (1994), The Heat (2013), Minions (2015), Bird Box (2018) වැනි චිත්‍රපටවලින් හමු වූ හොලිවුඩයේ සුපිරි නිළි Sandra Bullock “ලොරේටා සේජ්” ලෙසත්, White House Down (2013), Smallfoot (2018), The Vow (2013), Dear John (2010) තුලින් හමු වූ කඩවසම් නළු Channing Tatum “ඇලන් මික්මෑන්” ලෙසත්, හැරී පෝටර් ලෙස ලොව පුරා රසික ජනාදරයට පත් Daniel Radcliff “ඇබිගේල් ෆෙයාෆැක්ස්” ලෙසත්, World War Z (2013), Troy (2004), Seven (1995), Megamind (2010) සමඟින් හමුවූ හුරුපුරුදු, හොලිවුඩයේ පතාක චරිතයක් වෙන සුපිරි නළු Brad Pitt “ජැක් ට්‍රේනර්” ලෙසත් රංගනයෙන් එක් වෙනවා.

ආදර නවකතා කතුවරියක් වෙන ලොරේටා සේජ්, “ඩෑශ්” සහ “ලව්මෝර්” යන ප්‍රබන්ධිත චරිත දෙක ඇසුරින් නවකතා මාලාවක් රචනා කරලා අති ප්‍රසිද්ධියට පත් උන ලේඛිකාවක්. එයාගේ පොත්වල කවරයට ඩෑශ් චරිතය වෙනුවෙන් ඇලන් මික්මෑන් කියන නිරූපන ශිල්පියගේ රූපය යොදාගන්නවා. ඒ නිසා මේ ඩෑශ් කියන චරිතෙට ලොකු ප්‍රසිධියක් ලැබෙනවා වගේම මේ ගැන ලොරේටාට පුංචි ඊර්ෂ්‍යාවකුත් තියෙනවා. මේ කතා මාලාවේ සඳහන් වෙන්නේ නැති වූ නගරයක ඉපැරණි ශිෂ්ඨාචාරයක නටබුන් අතර තිබෙන පුරාවෘත්තගත “අග්නි කිරුළ” සොයාගෙන යන ඩෑශ් සහ ලව්මෝර්ගේ වික්‍රමයන් තමයි. මේ අස්සේ ඇබිගේල් ෆෙයාෆැක්ස් කියන බිලියනපතියා ලොරේටාගේ පොත්වල සඳහන් වෙන නැති වූ නගරය අත්ලාන්තික් සාගරයේ දූපතක තිබිලා හොයාගන්නවා. ඉතිං මේ කතාමාලාවේ නවතම කෘතිය එළිදක්වන දවසේ ලොරේටව මේ ෆෙයාෆැක්ස් හාදයා පැහැරගෙන මේ දූපතට අරන් ගිහින් අග්නි කිරුළ හොයන්න උදව් වෙන්න කියලා බලකරනවා. මේ ගැන දැනගන්න ඩෑශ් එහෙමත් නැත්තම් ඇලන් තවත් යාළුවෙක් එක්ක ලොරේටව බේරගන්න උත්සහ කරනවා. පොත්වල වීරයෙක් උනාට ඇලන් සැබෑ ජිවීතයෙදි මොන්ටිසොරි ළමයෙක්ටත් අන්තයි. ඒ නිසා මෙයාලට ලොකු අකරතැබ්බවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතිං මෙයාලට ලොරේටව බේරගන්න පුළුවන් වෙයිද ? ඇලන්ගේ යාළුවා කවුද ? අග්නි කිරුළ හොයාගන්නේ කොහොමද කියලා ඔයාලා බලන්නකෝ. මට මේක වෙන් කරලා දීපූ අපේ චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූති වෙනවා. එහෙනම් ඔයාලා උපසිරසිය බාගෙන වෙච්ච මහන්සියට කොමෙන්ටුවකුත් හලාගෙන යන්න කියලා ඉල්ලනවා.