චිත්‍රපටය ගැන කතා කලොත් වර්තමානය හෙවත් 2022 පාපන්දු ලෝක කුසලානය පවත්වන්නේ පළමු වරට මැදපෙරදිග රටක් වන කටාර් රාජ්‍යය තුලයි. දැනටමත් ඒ වෙනුවෙන් කටාර් රාජ්‍යය සූදානම් වෙනකොට මේ චිත්‍රපටය ආරම්භයක් ගන්නේ ඒ තරඟාවලියේ අවසන් මහා තරඟයයි. මෙම තරංග දැඩි රශ්මිය නිසා ශීත කාලය තුලයි පවත්වන්නේ. ඉතින්  මේ තරඟය දිහා ලොව වටා පාපන්දු නරඹන්නන් බලාගෙන ඉන්නවා. ඒ බලන පිරිසෙන් කෙනෙක් තමයි ඩැනියෙල් ෆොරෙස්ටර් කියන්නේ. ඩැනියෙල් එයාගේ දුව මියුරි එක්ක මේ තරඟය බලන අතරේ සජීවීව කටාර් වල මෙම පාපන්දු පිටිය තුල එකවර අමුතු දෙයක් සිදු වෙනවා. අයුධ සන්නද්ධ පිරිසක් එක් වරම පිටිය මැදින් මතුවෙන්නේ හැමෝම පුදුම කරමින්. මේ එන පිරිස හැමෝටම පුදුමයක් ඇති කරන අතර ඔවුන් එන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ඒ පිරිස එන්නේ මීට වසර 30ක් එහා අනාගතයෙන්. මේ එන පිරිස අනාගතය හරහා අතීතයට එන්නේ ඇයි? මොනවද එයාල අපෙන් ඉල්ලන උදව්ව? මේ හැම දෙයක්ම විසඳගන්න ඔබට ක්‍රියාදාම වලින් පිරුන විනාඩි 138ක් ලැබෙනවා.

මේ චිත්‍රපටය සඳහා Chris Pratt, J.K. Simmons වගේ ප්‍රවීණ නළුවන් සහභාගී වන අතර මෙහි අධ්‍යක්ෂණය Chris McKay විසින් සිදුකොට තිබෙනවා. එහෙනම් චිත්‍රපටය නරඹන ඔබට අවස්ථාව දීල අදට සමුගන්නම්. උපසිරස කිරීමේදී සහය දුන් අපේ විමාටත් ස්තුතිවන්ත වෙමින් අදට සමුගන්නම්.  එහෙනම් ආයෙත් දවසක මුණ ගැහෙන තෙක් සිංහල උපසිරසක් සමඟින් මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!