මාවල් ස්ටුඩියෝව එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් සිනමා විශ්වය (MCU) ගොඩ නගාගෙන යද්දී, සෝනි ආයතය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් විශ්වයක් ගොඩ නගාගෙන යනවා. මේක ඒ අය හදුන්වන්නෙ Sony’s Spider-Man Universe (SSMU) කියලා. ඉතින් මේ අයගේ විශ්වය යටතේ නිර්මාණය වුන තුන්වන නිර්මාණය වෙච්චි Morbius චිත්‍රපටයේ උපසිරැසි අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ.
කොමික් පසුබිම
චරිතේ හැදුනේ කොහොමද?
අතිශය ජනප්‍රිය ස්පයිඩර්-මෑන් කොමික් වලට හදුන්වා දුන්න චරිතයක් තමයි Morbius, the Living Vampire කියන්නෙ. Roy Thomas යටතේ රචනයත් හා Gil Kane යටතේ සිතුවමට ලක් කරලා, මේ දෙදෙනා යටතේ නිර්මාණය වෙන මේ චරිතය මුල්ම මුහුණුවර විදිහට ගෙන එන්නෙ 1971 වසරේ ඔක්තෝබර් මාසයේදී නිකුත් වූ The Amazing Spider-Man 101 වැනි කොමික් කලාපය හරහා.
චරිතය නිර්මාණය වීමට පාදක වුන අපූරු කතාවක් තියෙනවා. ඒ තමයි මේ චරිතයේ නිර්මාතෘවරයකු වූ රෝයි තෝමස් කියන්නෙ ඒ කාලේ නිකුත් වුන රාක්ෂයො සම්බන්ධව නිකුත් වුන සිනමාවට බොහෝ සෙයින් ඇලුම් කරපු කෙනෙක්. විශේෂයෙන්ම ඩ්‍රැකියුලාගේ චරිතය පාදක කරගෙන නිර්මාණය වුන හැම සිනමාවටයක්ම වගෙ රස විදලා තියෙනවා. මේ අතරේ 1957 වසරේදී නිකුත් වුන චිත්‍රපටයක් තියෙනවා The Vampire කියලා. මේක කළු/සුදු චිත්‍රපටයක්.
තමන්ගෙ ජීවීතේ පවත්වාගන්න මිනිස් රුධිරය උරා බීපු මේ වැම්පයර්ගේ චරිතය පාදක කරගෙන, මේකේ අදහස් එක්කාසු කරලා තමයි රෝයි තෝමස් මයිකල් මෝබියස්ගේ චරිතය නිර්මාණය කරන්නෙ. මේ චරිත දෙකෙහිම මුහුණුවරවල් එකිනෙකට සෑහෙන දුරකට සමානයි.
එතකොට මෝබියස් කියන්නෙත් ඩ්‍රැකියුලා කෙනෙක්ද?
වැම්පයර් කෙනෙක් කියන්නෙ මිත්‍යාව හා මැදි ජීවියෙක් කිව්වොත් හරි. මේක සමහර අයට වැම්පයර් කියන වචනය අර්ථකථනය කරන විදිහට වෙනස් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් නොනැසී ඉන්න නම් මිනිස් රුධිරය අවශ්‍ය, හිරු එළියෙන් හානියට ලක් වන, රාත්‍රී කාලයේ එලි පහලට යන චරිතයක් විදිහට තමයි මෑත කාලයේ නිර්මාණය වුන නිර්මාණ වලන් වැම්පයර් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන් වෙන්නෙ. ශත වර්ෂ ගණනාවක් පුරාවට ජීවත්ව ඉන්න කවුන්ට් ඩ්‍රැකියුලා තමයි වැම්පයර්ලගේ නායකයා විදිහට හදුන්වන්නෙ.
ඔය කියන ගති ලක්ෂණ වලින් කිහිපයක්ම බෝමියස්ට තියෙනවා සහ එයාට ඒවා ලැබෙන්නෙ ප්‍රතිකාරයක අතුරු ඵලයක් විදිහට. ඒවගේම කලිනුත් කිව්වා වගේම මෝබියස්ට ඩ්‍රැකියුලා කෙනෙකුගේ ස්වරූපය, නොනැසී ඉන්න මිනිස් රුධිරය අවශ්‍ය වීම වගෙ ගති ලක්ෂණ වලින් සමාන වෙනවා. මීට අමතරව කොයි කවුරුත් අහලා තියෙන තමන්ගෙ වර්ගයා බෝ කරන්න නැව්ගත වෙලා එංගලන්තය බලා යන ඩ්‍රැකියුලාගේ සිදුවීමත්, තමන්ගෙ රෝගයට ප්‍රතිකාරයක් සොයමින් නැව්ගත වෙන මයිකල් මෝබියස්ගේ සිදුවීම් පෙලත් එක්තරා දුරකට සමානයි, හැබැයි මේ චරිත දෙකම නිරූපණය කරන්නෙ එකිනෙකට වෙනස් විදිහට.
ඉතිරියත් කියවන්න කැමති නම් මෙතනින් ගිහින් කියවන්න>>>
M O R B I U S M O V I E
Life සිනමා අධ්‍යක්ෂක Daniel Espinosa යටතේ තමයි මෝබියස් චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ. ඒ Dracula Untold, The Last Witch Hunter සිනමා රචකයින් වන Matt Sazama හා Burk Sharpless දෙදෙනා යටතේ තමයි මේ චිත්‍රපටයේ පිටපත නිර්මාණය වීමත් එක්ක. ඇ.ඩො.මි. 83 කින් නිර්මාණය වුන මේ සිනමාපටය 2022 අප්‍රේල් 26 වැනිදා වෙද්දී ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇ.ඩො.මි. 156.6 ක මුදලක් උපයා ගන්නට සමත් වෙලා තියෙනවා.
- 2022 වසර තුල වැඩිම ආදායමක් සටහන් වූ චිත්‍රපට දර්ශකයෙ, හොදම 10 අතරේ අටවැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා. ඒ මේ වනවිට ඇ.ඩො.මි. 156.6 ක මුදලක් උපයමින්. මේ වසර තුලදී නිකුත් වූ දෙවන සිනමාපටය මෙය වූවත් තවමත් මුල් තැන සටහන් කරගෙන ඇති The Batman චිත්‍රපටය ආසන්නයට ලගා වෙන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ.
- එදාමෙදා තුල ලොව පුරාම තිරගත වූ සුපර් හීරෝ චිත්‍රපට දර්ශකය තුල 100’වැනි තැන ලබාගන්න Morbius චිත්‍රපටය හිමි කරගෙන තියෙනවා. තවමත් තිරගත වීම වෙන නිසා මේ ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.
D E L E T E D S C E N E
ලිපිය අවසන් කරන්න කලින් මං සාමාන්‍යයෙන් උපසිරැසියක් දෙද්දී කතා නොකරන දෙයක් මේකෙදි කියන්න හිතුවා. මේ චිත්‍රපටයට නිකුත් වුන පූර්ව ප්‍රචාරක පටය බැලුවා නම් දකින්න ඇති මෝබියස් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ සෘජුවම ස්පයිඩර්-මෑන් චිත්‍රපට වලට කියලා.
- මයිකල් මෝබියස් තැඹිලි පාටට හුරු සිරගෙදර ඇදුම වැහෙන විදිහට තවත් එකක් උඩින් දාගෙන එන සිදුවීම් වලදී එයා පහු කරගෙන එන්නෙ අධ්‍යක්ෂක සෑම් රයිමි නිර්මාණය කරපු ස්පයිඩර්-මෑන් විශ්වයෙ බිත්තියක සටහන් වෙච්ච ස්පයිඩිගේ පින්තූරයක්. මේකේ ‘මිනීමරුවා’ කියලත් සදහන් කරලා තිබුනා.

- ඒවගේම ඒ කොටස ඉවර වෙන්නෙ මයිකල් මෝබියස්ට MCU එකේ වල්චර්ව මුණගැහෙන තැනට. ඒ විතරක් නෙවෙයි, මිනිහා මයිකල්ගෙන් ‘මොකො වෙන්නෙ කියලත්’ අහනවා.

පසුබිම අනුව මේ කොටස් දෙකම එකම තැනකට සම්බන්ධ වෙන්නෙ. මීට අමතරව ටිසර් ට්‍රේලර් එකෙන් දකින්න ලැබුණු හුගක් කොටස් මේ චිත්‍රපටයෙදී දකින්න ලැබෙන්නෙ නැහැ. ඉතිං අවාසනාවට මේක මුල්ම පූර්ව ප්‍රචාරක පටයට එකතු කරලා චිත්‍රපටයේ අවසන් සංස්කරණ කටයුතු වලදී චිත්‍රපටයෙන් ඉවත් කරනවා. මේ ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂක Daniel Espinosa හරියටම තහවුරු කලා.
ඔය පුංචි සිදුවීමක් විතරයි. චිත්‍රපටය බලන්න කලින් හො බලලා ඉවර වෙලා මුල්ම පූර්ව ප්‍රචාරක පටය බලන්න, එතකොට තේරෙයි හුගක් කොටස් අවසානෙදි බලපු චිත්‍රපටයේ අඩුයිනෙ කියලා. මෝබියස් එකෙන් Director’s Cut එකක් නිකුත් වෙනවනම් වටිනවා.
එතකොට චිත්‍රපටය සම්බන්ධ වෙන්නෙ කොහෙටද?
මේක ටිකක් සංකීර්ණයි. ඒත් සම්බන්ධයි කියලා අනුමාන කරන්න පුලුවන් තැනක් තියෙනවා. ඒකට කලින් මතක් කරන්න ඕන Spider-Man No Way Home චිත්‍රපටයෙන් ඇන්ඩෘ ගාෆීල්ඩ්ගේ ස්පයිඩිට ලැබුණු ජනප්‍රියත්වය නිසාම එයාට දෙවෙනි කොටසින් අවසන් වුන The Amazing Spider-Man චිත්‍රපට පෙලට තවත් එකක් එකතු කරන්න, ඒ කිව්වේ තුන්වැනි ඇමසීන් ස්පයිඩර්-මෑන් චිත්‍රපටය නිර්මාණය කරන්න කියලා ලොවපුරා ඉන්න ප්‍රේක්ෂකයින් #MakeTASM3 එහෙම නැත්තම් ‘Make The Amazing Spider-Man 3’ හෑශ්ටැග් ගහලා කරපු ඉල්ලීමට සෝනි ආයතනයට අවධානයක් ලැබුනා. නිල නොවන ආරංචි වලට අනුව සෝනිලා ඒ ඉල්ලීම ඉටු කරන්න සූදානම් වෙනවලු. තහවුරු නැහැ හොදේ.
Venom 2 චිත්‍රපටයේ පසු දර්ශන වලින් චිත්‍රපටය අවසන් කලේ MCU ස්පයිඩිට සම්බන්ධ කරන්න බලාගෙන වුනාට Spider-Man No Way Home චිත්‍රපටයේ පසු දර්ශන වලින් ඒ බලාපොරොත්තුව සුන් වුනා. ඉතින් දැනට ආරංචි වෙන විදිහට ටොම් හාඩිගෙ වෙනම්ව අයිති වෙන්නෙ සහ එයාට මුහුණ පාන්න වෙන්නෙ ඇන්ඩෘ ගාෆීල්ඩ්ගේ ස්පයිඩිට. ඒ කියන්නෙ Sony’s Spider-Man Universe (SSMU) විශ්වයේ ඉන්න මෝබියස් ඇතුළු අනෙකුත් චරිතත් මේකටම අයිති වේවි. Morbius චිත්‍රපටයෙ මේකට ඉගි කිහිපයක්ම ලබා දීලත් තියෙනවා.
බයවෙන්න එපා මේවා ප්සොයිලර්ස් නෙවෙයි, නිකුත් වුන පූර්ව ප්‍රචාරක පට වලින්ම ලබාගන්න පුලුවන් තොරතුරු. ඒ ටිකත් කියලම ලිපිය නතර කරන්නම්.

ඩේලි බියුගල් පත්තරේ කියන්නෙ කොමික්වල ඉදන්, සෑම් රයිමිගෙ චිත්‍රපට ඉදන්ම අපි කාටත් හුරු දෙයක්. ඉතින් මේ පත්තරේ මෝබියස් චිත්‍රපටයෙත් දැකගන්න ලැබෙනවා. ඒකෙ එක තැනක සදහන් වෙනවා “Rhino on the Loose: Zoo Hoax Fools us All.” කියලා. ඒ කියන්නෙ The Amazing Spider-Man 2 චිත්‍රපටය අවසන් කරපු ස්පයිඩිට මුහුණ පාන්න සිද්දවුන විලන් ‘රයිනෝ’ ගැනයි.

ඇත්තටම ඒ නිදැල්ලේ හිටිය රයිනෝ තමයි එක පාරටම නගරෙට ඇවිල්ලා පහර දීමක් සිද්ද කරන්න යද්දී ස්පයිඩිට මුහුණ දෙන්න සිද්දවෙන්නෙ.

ඒවගේම මේ පත්තරේම එහා පැත්තෙ තියෙනවා “Black Cat: Friend or Foe?” කියලා. මෙතනදී බ්ලැක් කැට් කියන්නෙ මිතුරෙක්ද නැත්තම් හතුරෙක්ද කියලා අහන්නත් මේ චරිතේ මේ වෙද්දීත් Sony’s Spider-Man Universe (SSMU) විශ්වයේ ඉන්න නිසයි. බ්ලැක් කැට් චරිතය එක වරම සෑම් රයිමිගෙ Spider-Man 2 චිත්‍රපටයෙන් හදුන්වා දෙන්න ගිහිං ඉවත් කරලා The Amazing Spider-Man 2 චිත්‍රපටය හරහා හදුන්වා දෙනවා. හැබැයි ඒ බ්ලැක් කැට් විදිහට නෙවෙයි, ඒ චරිතේ මිනිස් අනන්‍යතාවය වෙච්ච ෆෙලිසියා හාර්ඩි චරිතයෙන්.
The Amazing Spider-Man 2 චිත්‍රපටයෙන් පස්සේ සෝනිලා මේ චරිතය පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරමින් තිබිලා පසුකාලීන මේක ‘Silver & Black’ නමින් සෝනිලා නිර්මාණය කරන ලිමිටඩ් සීරිස් එකක් බවට පත්වෙනවා ඒ සිල්වර් සේබල් හා බ්ලැක් කැට් චරිත දෙකම ඇතුලත් වෙන, මුල්ම කාන්තා සුපිරිවීර චරිත දෙකම ඇතුලත් නිර්මාණයක් විදිහට. 2020 වසරේ ජනවාරි මාසයෙන් පස්සේ මේ සම්බන්ධයෙන් කිසිම ආරංචියක් දැනගන්න ලැබෙන්නෙ නැති නිසා හරියටම කියන්න අමාරුයි අවසානය දක්වාම නිර්මාණය වේවිද කියලා.





0 Comments