මේ අරගෙන එන්නෙ Netflix වලින් 2022 වසරේ මුල් කාර්තුවේදී නිකුත් කරපු හොදම චිත්‍රපට වලින් එකක් අරගෙන. ඕනම කෙනෙක් ආසාවෙන් බලන චිත්‍රපට වර්ගීකරණයක් තමයි ටයිම්-ට්‍රැවල් එහෙම නැත්තම් දන්නා සිංහලෙන් කියනවා නම් කාල තරණය අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් අර කලින් කිව්වා වගේ මේක හොදම චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.
IMDb දර්ශකයෙ 6.9/10 ක අගයක් වගේම Rotten Tomatoes තුල 70%ක ඉහල ප්‍රතිශතයක් ලබාගන්න මේ චිත්‍රපටයට අවස්ථාව ලැබෙනවා. මේ චිත්‍රපටය මාර්තු 11’වැනිදා Netflix ඔස්සෙ නිකුත් වෙන්න. රංගනයෙන් සම්බන්ධ වුන ප්‍රධාන මුහුණු ටික අතරේ Ryan Reynolds, Mark Ruffalo දෙන්නා වගේම Jennifer Garner, Walker Scobell, Catherine Keener, Zoe Saldaña ඇතුළු තවත් බොහොමයක් රංගන ශිල්පින් සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ Night at the Museum, Real Steel, Free Guy වැනි ආදරණිය සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කල හා මේ වනවිටත් මූලික නිර්මාණ කටයුතුවල තියෙන Deadpool 3 චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයට එකතු වූ ‘Shawn Levy’ විසින්.
කැමතිද කාල තරණය කරන්න?
මොකො නැත්තේ? ඕනම කෙනෙක් කැමතියි.
ඒත් මොනවා කියලා කරන්නද?
ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුලුවන්.
සමහරු තමන්ගෙ පුංචි කාලේ මුණගැහෙන්න කැමති ඇති
අම්මා තාත්තා ලග නැති ඒ අයව මුණගැහෙන්න කැමති ඇති.
වෙච්ච වැරදි නිවැරදි කරන්න තවත් අය කැමති ඇති.
ඒත් මේකෙත් හොද සහ නරක කියලා දෙපැත්තක් තියෙනවා.
අන්න ඒක සමහරුන්ට තේරුම් ගන්න බැරි වේවි,
හිතන්නෙ තමන් ගැන විතරක් නම්.
නමින් The Adam Project නොහොත් ඇඩම් ව්‍යාපෘතිය කියන මේ චිත්‍රපටයත් ඔය කියපු සංකල්පය ඇසුරින් නිර්මාණය වෙන්නෙ. මේක සාමාන්‍ය කාල තරණය කරන චිත්‍රපටයකින් වෙනස් වෙන්නෙ ක්‍රියාදාම ටිකක් වැඩියෙන් එකතු කරලා තියෙන නිසා.
එතකොට චිත්‍රපටයෙ කතාව?
ඒක ගැන නොකියන තරමට හුගාක් හොදයි. මොකද පැය 01 හා විනාඩි 36ක කාලයකින් සාමාන්‍ය කාල තරණයට එහා ගිය හුගක් සංවේදී කතාවක් චිත්‍රපටය ඇතුලෙ අන්තර්ගත කරන්න Warrior, See, The Maze Runner වැනි අති සාර්ථක නිර්මාණ රචනා කරපු Jonathan Tropper, T.S. Nowlin, Jennifer Flackett, Mark Levin මේ අපූරු රචකයින් හතර දෙනාට හැකියාව ලැබිලා තියෙනවා.
මේක මම බාරගෙන හිටිය චිත්‍රපටයක් නොවුනත්, රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ චිත්‍රපටය මට ලබාදුන්න රවිදු මල්ලිටත් ස්තුති කරන ගමන් සමුගන්නෙ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්මයි. ආයෙත් දවසක හමුවෙමු!


0 Comments