දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි ගොඩක් නිර්මාණ එහෙම දැකගන්න අවස්ථාව වෙනවා. ඇත්තෙන්ම එය ගේමර් කෙනෙක්ගෙ සිහින සැබෑ වීමක්. කොහොමහරි එහෙනම් අපි අද රැගෙන ආපු එක ගැන කතා කරලා ඉමුකො. Uncharted කියන නම ගොඩක් චිත්‍රපට ලෝලීන් අතරේ ප්‍රචලිත නැහැ. හැබැයි ගේමර්කෙ නෙක්ට නම් ඒකෙ අනික් පැත්ත. මොකද කිව්වොත් එය නිර්මාණය වෙන්නෙ Third-Person Action-Adventure PlayStation ගේම් එකක් පාදක කරමින්. මං මේ ලිපිය ලියද්දිත්මෙ ම ගේම් එක PC ( Personal Computer ) සඳහා නිකුත් කිරීමක් වෙලා නැහැ. නමුත් Sony ආයතනය මිට පෙර PS ගේම් එකක් වන Days Gone නිකුත් කරනවා PC සඳහා. ඉතිං මේ රිලීස කරාට පස්සෙ ලොකු ආදායමක් ඒ මගින් ලබනවා. ඉතිං මේ ඇති විශාල සාර්ථකත්වය නිසාම සෝනිලා තීරණය කරනවා PS ගේම් පරිගණක සඳහා නිකුත් කරන්න. ඔන්න ඔය විදියට Horizone / Gods Of War වැනි ගේම් පරිගණක සඳහාද නිකුත් වෙනවා. ඒවගේම තමයි Uncharted ඇතුළු තව ගොඩක් PS ගේම් මේ වෙද්දී පරිගණක සඳහා නිකුත් කරන බව නිවේදනයකරල තියෙන්නෙ. ඉදිරියේදී අපිට ඒවා දැකගන්න පුළුවන් වෙයි. හරි එහෙනම්, අපි දැන්ද න්නවා Uncharted කියන්නෙ ප්ලේස්ටේෂන් ගේම් එකක් කියලා. ඉතිං මේ ගේම් එක නිෂ්පාදනය කරන්නෙ ඇමෙරිකානු ගේම් සමාගමක් වන Naughty Dog විසින්. එහි නිර්මාතෘ දෙදෙනා වන්නෙ Andrew Scott Gavin සහ Jason Rubin ය. පහතින් දකින්න ලැබෙන්නෙ Naughty Dog ලෝගෝ එක.

~ Naughty Dog ලෝගෝව ~

 

ඉතිං Naughty Dog ලා Uncharted හි ගේම් 5 මේ වෙද්දී නිර්මාණය කරල තියෙනවා. ඒවා නම් Uncharted: Drake’s Fortune / Uncharted 2: Among Thieves / Uncharted 3: Drake’s Deception / Uncharted 4: A Thief’s End / Uncharted: The Lost Legacy විදියට. පහතින් දකින්න ලැබෙන්නෙ එම ගේම් වලට අදාලව නිර්මාණය වුණු පෝස්ටර වගයක්.

~ Uncharted ගේම් 5 ~

 

ඒවගේම තමයි චිත්‍රපටයට පාදක කරගන්නෙ මුල් ගේම් 4 ර විතරයි. මොකද 5 වෙනියට ආපු ගේම් එක යන්නෙ රීබූට් එකක් විදියට. ඉතිං අපිට චිත්‍රපටයෙදී දැකගන්න පුළුවන් වෙන්නෙ නේතන් ඩ්‍රෙක්ගේ වික්‍රමයන් ටික. ඔයාලට ගේම් එක මොන වගේද කියලා බලාගන්න පුළුවන් යුටියුබ් එකේ. ඒවගේම චරිත අතින් ගත්තොත්, චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය වන නේතන් ඩ්‍රෙක්ට පණ පොවන්නෙ ස්පයිඩර්මෑන්ගේ චරිතයට පණ පොවනා Tom Holland සහ සලීගේ චරිතය වෙනුවෙන් Mark Wahlberg සහ ක්ලෝයිගේ චරිතය වෙනුවෙන් Sophia Ali රංගනයෙන් දායක වෙනවා. පහලින් දකින්න ලැබෙන්නෙ ගේම් එකේ චරිතය සහ ලයිව ඇක්ෂන් චරිතයයි.

~ නේතන් ඩ්‍රෙක් ~

 

~ සලී ~

 

~ ක්ලෝයි ~

 

ඒවගේම තමයි අපිට චිත්‍රපටයෙදී තවත් සුවිශේෂී චරිතයක් දැකගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේක Cameo එකක්. ඒ තමයි ගේම් එකේ නේතන් ඩ්‍රෙක්ගේ චරිතයට රඟපාන Nolan North. පහතින් දකින්න ලැබෙන්නෙ රූගත කිරීමක් අතරතුරේදී අරගත්තු ජයාරූපයක්.

~ ගේම් එකේ සහ චිත්‍රපටයෙදී නේතන් ඩ්‍රෙක්ගෙ චරිතය පණ පොවන දෙදෙනා ~

 

ඉතිං මේ කරපු හඳුන්වාදීම ඇති කියලා හිතනවා. ඒවගේම චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ මුල් ගේම් ටිකෙන්. ඉතිං මේ චිත්‍රපටය අවසානයේදී දෙවැන්නකට පාර කපනවා. හැබැයි ඒ හැමදේම තීරණය වෙන්නෙ මේ චිත්‍රපටය ලබන බොක්ස් ඔෆිස් ආදායම් සහ ප්‍රතිචාර අනුව තමයි. ඉතිං සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරමු. මොකද ගේම් එකේ වෝක්තෘ බලපු කෙනෙක් නම් දන්නවා තව කොච්චර වික්‍රමයන් තියෙනවද කියලා. එහෙම දෙවැන්නක් ආවොත් අපිට හොඳ ප්‍රිසන් බ්‍රේක් එකක් සහ දැවැන්ත වික්‍රම ටිකක් බලාගන්න හැකියාවක් තියෙනවා. ඒවගේම තමයි Naughty Dog විසින් නිර්මාණය කරපු තවත් PS ගේම් එකක් වන ‘’The Last Of Us’’ 2023 වර්ෂයෙදී දැකගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ චිත්‍රපටයක් විදියට නෙමේ ටීවී සිරිස් එකක් විදියට. එහෙනම් අපි දැන් චිත්‍රපටයෙ ප්‍රතිචාර එහෙම කතා කරමුකෝ.

මං මේ ලිපිය ලියද්දිත් IMDb අගය 6.7 ක් සහ කුණු තක්කාලි අගය 40% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ‘’Ruben Fleischer’’ විසින්. ඔහු මීට පෙර Venom Zombieland l Zombieland 2 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒවගේම රංගනයෙන් Tom Holland l Mark Wahlberg l Sophia Ali l Tati Gabrielle l Antonio Banderas l Rudy Pankow l Pilou Asbæk දායක වෙනවා. ඒවගේම ඩොලර් මිලියන 120 ක පිරිවැයක් දාරා නිර්මාණය කරපු මෙය මේ වන විට ඩොලර් මිලියන 135 ක බොක්ස් ඔෆිස් ආදායමක් අරගනිමට සමත් වෙලා තියෙනවා. එහෙනම් ඉතිං මේ ඇති කියලා හිතනවා. ඔයාලටම බාර කරනවා නේතන් ඩ්‍රෙක්ගේ මේ වික්‍රමය නැරඹීමට.