කලින් චිත්‍රපට දෙකේදී හිටපු සෑම චරිතයක් වගේම මේකෙත් ඉන්නවා එක්කෙනෙක් ඇරෙන්න. ඒ තමයි කලින් සෑම්ගේ පෙම්වතිය මිකේලා (Megan Fox) එයා වෙනුවට මේ වතාවේ සෑම් වෙන ගෑණු ළමයෙක් හොයාගෙන කාර්ලි (Rosie Huntington-Whiteley) කියලා. ඒ දවස් වල ආරංචිය හැටියට මේ චරිත මාරුවට හේතුව කලින් නිළිය සහ අධ්‍යක්ෂක මයිකල් බේ අතර උන නෝක්කාඩුවක්. අලුත් කෙනා නම් එංගලන්තයේ නිරූපිකාවක් මේ තමයි ඇයගේ පළමු චිත්‍රපටය ඒ වගේම ඊළඟ වසරේ තිරගත වෙන Mad Max: Fury Road චිත්‍රපටයෙත් චරිතයකට හිමිකම් කියනවා කියලා ආරංචියි. ඉතින් ඒවගෙන් වැඩක් නැහැ අනික් හැමෝම එමමයි. මේ චිත්‍රපටයේ බරපැන වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 195ක් වගේ මුදලක්. ඒ වගේම දැනට ලබා තිබෙන සමස්ත ආදායම ඩොලර් මිලියන 1123.8ක් එම වසරේ මේ චිත්‍රපටය දෙවෙනි උනේ Harry Potter and the Deathly Hallows Part 2 චිත්‍රපටයට. IMDb අගය නම් තරමක විතර පසු බෑමක් තියෙනවා. මොකද ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපට වලටත් ජස්ටින් බීබර්ට වගේ අකමැති පිරිසක් ඉන්නවා. කවුරු කොහොම උනත් සල්ලි වියදම් කරන්නේ ආදායමක් ගන්නනේ ඒක බලාපොරොත්තුව මේ චිත්‍රපට හැම එකක්ම පාහේ සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ කරලා තියෙනවා.
කතාව මෙහෙමයි. මේ මුළු කතාවටම පාදක වෙන ලෝක ඉතිහාසගත සිදුවීමක් තියෙනවා ඒ තමයි මුලින් සඳමතට මිනිසෙක් පයතැබිම. ඒ සිදුවීම අලලා තමයි මේ චිත්‍රපටය දිව යන්නේ. මේ කතාවේ හැටියට මිනිසා හඳට යන්නේ වෙනම අරමුණකට. ඒ තමයි සයිබර්ට්‍රෝන් ලෝකයෙන් නික්මුණ යානාවක් සොයාගැනීමට. ඒ යානාව සයිබර්ට්‍රෝන් යුද්ධයේදී ඩිසේප්ටිකොන් රොබෝවරු විසින් කරන පහර දීමක් නිසා අපේ හඳට කඩා වැටෙනවා. ඒ යානාව ඔටෝබෝට් යානාවක්. එම යානාව තුල විශේෂ යමක් විශේෂ පුද්ගලයෙක් විසින් රැගෙන යද්දී තමයි මේ ප්‍රහාරයකට ලක් වෙලා මෙසේ කඩා වැටෙන්නේ. ඒ සඳහා නීල් ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු පිරිස සඳ බලා පිටත් වෙනවා. එතනින් ඒ සිදුවීම අවසන්. පසු කාලීනව පෘතුවිය තුල වෙසෙන ඔප්ටිමස් ප්‍රයිම් ඇතුළු ඔටෝබෝට් පිරිස අපේ ලෝකය පුරා විසිරිලා ඉන්න මිනිසුන්ට තර්ජනයක් වෙන ඩිසේප්ටිකොන් රොබෝවන් දඩයමක යෙදිලා ඉන්නේ. එහෙම කරන එක මෙහෙයුමකදී ඔප්ටිමස් ප්‍රයිම්ටත් රහසක්ව තබාගත් ඒ සඳ මතට ගිය මෙහෙයුමේ අවශේෂ වූ යම් කොටසක් සොයා ගන්නවා. පසුව ඔප්ටිමස් තීරණය කරනවා සඳ වෙතට ගොස් එහි සිටින ඔප්ටිමස්ගේ නායකයෙක් වන සෙන්ටිනල් ප්‍රයිම් නැවත අපේ ලෝකයට ගෙනවිත් ඔහුට ජීවය ලබාදෙන්න. මේ සෙන්ටිනල් ඇත්තටම ඒ යුද්ධය අවස්ථාවේදී යානය සමඟ පිටත් වෙන්නේ අපේ ලෝකය කරා එන්න. ඒ වෙනත් අරමුණක් සිතේ තබාගෙන. මේ බව ඔප්ටිමස් දන්නේ නැහැ. එහෙනම් ඔන්න බාරයි සෙන්ටිනල් සහ ඔප්ටිමස් දෙදෙනා මෙවර අපේ ලෝකයට කරන්න යන්නේ මොකද්ද කියලා බලන්න. ඒ වගේම කලින් සතුරෙක් උන මෙගාට්‍රෝන් තවමත් ජිවතුන් අතර මතකනේ කලින් වතාවේ ඊජිප්තුවේදී ස්ටාර්ස්ක්‍රීම් සමග පසු බැස්සා. මේ වතාවේ මෙයා බොරදියේ මාළු බාන්න සූදානම. එහෙනම් මම ගියා මෙහි සිව්වැන්න ඔබට හොඳ පිටපතක් ලැබුන විගසම ගෙනෙනවා කියන පොරොන්දුවත් සමඟම. හැමෝටම ජයෙන් ජය !!!
කලින් පල වූ ලිපිය
කට්ටියට මාව මතකද මන්දා? ඔන්න කාලෙකට පස්සෙ ආපහු බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක සම්බන්ධ වෙනවා. කවුරුත් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමා ඔන්න අද මම අරගෙන ආවේ. මේකේ පළවෙනි හා දෙවෙනි කොටස් දෙක කවුරුත් බලලා ඇතිනේ. මේ කොටසේ අධ්‍යක්ෂණය Michael Bay වගේම නිෂ්පාදනය Steven Spielberg ගෙන්.
මේකට මුල් වෙන්නෙ ඇමෙරිකාවෙ නාසා ආයතනය විසින් මිනිසා මුලින් සඳට යැවීමෙ මෙහෙයුම මත පදනම් වෙච්ච තවත් කතාවක්. මේ කථාවට අනුව Cybertronian ලෝකයේ යුද්ධයෙන් පැරදී එන විටදී තම ලෝකය නැවත නිර්මාණය කිරීමේ රහස් රැගත්
යානයක් එම ග්‍රහලොවෙන් පිටවෙනවා. එහෙත් ඒක සඳ මතට කඩා වැටෙනවා. මේක වටෙන්නෙ සඳේ සදාකාලික අඳුරු පැත්තට. ඊට පස්සෙ මේක නිරීක්ෂණය කරන ඇමෙරිකානුවන් රැසියාවට කලින් මේ රහස් දැනගැනීමට හඳට මිනිසා යැවීමට මූලිකත්වය දෙනවා. එහෙදී ඔවුන්ට යානය හමුවෙන අතර එයින් කොටස් විවිධ අවස්ථාවල රැගෙන එනවා. නමුත් මේ බව දැන ගන්නා Autobots ලා නැවත එම යානයට ගොස් එහි නියමුවා වගේම ඔවුන්ගේ ගුරුවරයාව නැවත රැගෙන පැමිණ ඔහුට පණ දීමට අදහස් කරනවා. මෙයින් පසු සියල්ල කණපිට හැරෙනවා.
ඉතිරිය ඉතින් බාගෙනම බලන්න. හැබැයි මට නම් දැනුනු දෙයක් තමයි පළවෙනි කොටස් දෙකටම වඩා මේක ටිකක් අසාර්ථක බව. සද්ද බද්ද තිබ්බට පලවෙනි ඒවල තිබ්බ ගතිය මේකෙ නැහැ කියලා හිතෙනවා. ඒත් ඒ මටනේ. ඔයාලත් බාගෙන බලන්නකෝ…. 124


0 Comments