ඕ ඉතිං දැන් යාතිකාව පටන් ගන්නයි යන්නේ. මුලින්ම කියන්න ඕනේ නමක් කාරිය ලියන්න අමතක වුනා නම් සමාවෙන්න ඕනේ. බයිස්කෝප් නිසා හමුවුනු හැම කෙනෙකුගේම නම් ලියන්න ගියොත් මම ලොකු අමාරුවක වැටෙනවා. ඒත් මෙතන මතක් නොකර බැරි කිහිපයක් දෙනා ඉන්නවා. ඒක නිසා මම එදා මෙදාතුර දැන හඳුනගත්තු අයව පිලිවෙලකට ලිපියේ සඳහන් කරන්නං. මුලින්ම සයිට් එකට සබ් එකක් දාන්න කියලා ඊ-මේල් එකක් දාද්දී අදහස් හුවමාරු කරගන්න ලැබුනේ වාසල අයියා. ඒ කාලේ යන්නේ කොහේද මල්ලේ පොල් රිප්ලයි දීලා එයාට ලොකු වදයක් වුනා. ඊට පස්සේ තමා රොයිලි අයියා ගැටලු පැටලිලි විසඳන්න කාරිය මැද්දෙන් මේල් එකක් දාන්නේ. ඒ අතරේ තමයි සමීර අයියා දැන අඳුනගන්න ලැබුනේ. හසන්ත මාමා යශෝ, මේ දෙන්නත් ඉඳලා හිටලා ඊ-මේල් වලින් සෙට් වුනා. ඔය අයව තමා මම මෙන්ටලිස්ට් එක දෙන කාලේ දැන අඳුන ගත්තේ. පස්සෙන් පහු නිකීටා එක වගේම, මැසෙන්ජර්ස් උපසිරැසි ලබාදෙන කාලේ තමයි සමීර අයියා ෆේස්බුක් එකෙන් සෙට් වුනේ. සබ් එක ආපු ගමන් ලින්ක් එක එවලා “ඔන්න මලේ ආවා“ කියලා කූද්දන්නේ එයා තමා.
ඊට පස්සේ තමා ලාස්ට් ශිප් එක. ඔන්න ඔතන ඉඳන් තමයි කට්ටිය හෝ ගාලා දැන හඳුනා ගන්න ලැබුනේ. මුලින්ම හයිඩ්රා. මංසලට ලිපි දෙන්න හොඳ තොරතුරු එහෙම සපයද්දී අපේ හයිඩ්රා සෙට්වුනා. ඊට පස්සේ හේවයියා. ගොඩක්ම ෆිට් වුනේ රොයිලි අයියගේ Intersteller කතාව ගැන චැට් එකේ සාකච්ඡා කරන්න ගිහිල්ලා. ඊට පස්සේ තමා සයිට් එකේ ඇඩ්මින් කම ලැබුනේ. දැන් තමා හොඳම හරිය. ඔතනින් අපේ වැඩිහිටි දැනමුතු ගුරුහරුකම් සහිත ෆුල් පැකේජ් කුප්පි දෙන පිරිස… (රොයිලි මාමා, හසා මාමා, සමීර අයියා)
ඊට පස්සේ කුප්පියේ තියෙන දේවල් බීලා පිස්සු කෙලින පිරිස [පිස්සු කෙලින පිලිවෙලට දැක්වේ] (හේවා, මම, විමා, නලින් අයියා). යශෝධ අයියා ගොඩක් වෙලාවට හච් සිග්නල් වගේ තමා, අහුවෙනවා යනවා. අනික, අන්තිමට වගේ මලවුන්ගෙන් නැගිටලා ආපු කරුණා අයියා. කුප්පිත් දීගෙන, මඩෙත් බැහැගෙන, පිස්සුත් කෙලගෙන ඉන්නවා. අනිත් අයත් ඉඳලා ඉඳලා බැහැගෙන මඩ නානවා. දැන් ඉතිං රොයිලි අයියත් විශ්රාම යන්න ඉන්න එකේ (ඔය කිව්වට තාම ශුවර් නෑ…) හැමෝම වගේ පෞද්ගලික වැඩත් එක්ක හිරවෙලා, සබුත් කරන ගමන් සයිට් එක ගොඩදාන එක බොහෝම අගය කරන්න ඕනේ වැඩක්. මේවයේ අමාරුව තේරෙන්නේ කරන්න පටන් ගත්තාම.
ඊට පස්සේ තමා ගොඩක් අය හමුවුනේ. මම ඉතින් මෙතනදී පොදුවේ සමීප වුනු අයව මතක් කරන්නම්. මුලින්ම මාර්වල් වලට ගහන්න ආවොත් මාත් එක්ක රණ්ඩුවට පනින ජෝඩුව (තිසර, විමා). තවත් අය සෙට් වෙලා සප් එක දෙනවා. නම් මතක් කලේ නෑ කියලා ඩීසී වලට අදිනවා නෙමෙයි. ඊට පස්සේ ප්රතිවාදී පිල. (කොලදිවියා [AKA පූසා], චාමර,) ඉඳලා හිටලා මාමිත් ගේමට බහිනවා. ඔය කට්ටිය මතක ෆේස්බුක් වලි හේතුවෙන්. ගොඩක් වලි යනවා ඉතිං එව්වට මම නෑ. ඒ නිසා ගොඩක් අය මතක් වෙන්නේ නෑ. ඊට පස්සේ විමා පට්ටල් කරපු නමුත් නොකෙරෙන How i Met Your Mother චැට් එකෙනුත් දැනට මතක් කරපු අයට අමතරව නිර්මාණී අක්කා. ඊට පස්සේ මතක් නොකරම බෑ සඳුන් ධනුශ්ක අයියවත්. ලිපි වල අවුලක් තිබුනොත් කතා කරලා අඩුපාඩු පෙන්නන්නේ එයා තමා.
ඉතිං ඔය විදියට ලිපියේ සඳහන් කරපු අය අතරේ නොකරපු අය බොහෝමයක් ඉන්නවා කියලා මට සහතිකයි. ඒත් ඒ නම් මතක් කරන්න ගියොත් උපසිරැසිය දෙන්න ප්රමාද වෙන නිසා තමයි මම මේ විදියට ගොඩක් සමීපතම අයගේ නම් මතක් කලේ. ඒ වගේම තමයි මේ හැම දෙනාම අඩවියේ කටයුතු වලට වගේම උපසිරැසි සකසද්දී ඒ ඒ අවස්ථාවන් වල අනේක වාරයක් උදව් උපකාර කරලා තියෙනවා. ඉතිං හැම දෙනාටම බොහෝම පිං වගේම ස්තුතියි.
වේඩ් විල්සන් කියන්නේ විශේෂ බලකායේ සේවය කරපු, පසු කාලීනය අගෞරවාන්විතව සේවයෙන් නෙරපූ හමුදා සෙබලෙක්. මැරයෙක් විදියට තමයි මෙයා හමුදාවෙන් පසු කාලීන ජීවිතය ගත කරන්නේ. මෙයාගේ සමීපතම මිත්රයා වුනේ, බාර් එකේ ඉන්න වීසල්. දවසක් වේඩ් බාර් එකක ගත කරන දවසක තමුන්ට හමුවුනු කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳිලා තමයි ඉන්නේ. දෙන්නා බොහෝම සතුටින් එකට ජීවත් වෙනවා. නමුත් පිලිකාවක් නිසා මෙයාලාගේ සතුටු ජීවිතේ බොහෝම වෙනස් අතට හැරෙනවා. ඉතිං මේ පිලිකාව ප්රතිකාර කරන්න බැරි තරමට දරුණු වුනු පිලිකාවක්. නමුත් රජයේ නොවන ආයතනයක් විසින් කරගෙන යන පර්යේශණ වැඩපලකින් ඇවිල්ලා වේඩ්ට අවස්ථාවක් ලබා දෙනවා තමුන්ගේ පිලිකාව සුව කරගන්න… මේ තමයි කතාවේ සාරාංශය. X-Men චිත්රපට මාලාව බලලා තියෙනවා නම් ඔයාලට මේ කතාව බොහෝම හුරු පුරුදු කතාවක් වේවි. මොකද කිව්වොත් මේ කතාව X-Men වලට ඒකාබද්ධව තමයි ගලාගෙන යන්නේ. එහෙනං මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලට බලලම දැනගන්න තියලා මම අදට සමුගන්නම්. වෙනදා වගේම තවත් උපසිරැසියකින් හමුවෙමු.



0 Comments